30.6 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldමගේ දියණියගේ නම ඇති කාන්තාවන් සතියක් ඇතුළත නම් වෙනස් කරන්න

මගේ දියණියගේ නම ඇති කාන්තාවන් සතියක් ඇතුළත නම් වෙනස් කරන්න

උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන් උන් එරට වෙනත් කිසිවකුට තම දියණියගේ නම භාවිත කළ නොහැකි බවට නියෝග කර තිබේ.

ඔහුගේ දස හැවිරිදි දියණිය වන ජූ ඒගේ නම වෙනත් කිසිම ගැහැණු ළමයෙකුගේ නම ලෙස නොතිබිය යුතු බවත්, එම නම දරන අයගේ නම් සතියක් ඇතුළත වෙනස් කළ යුතු බවත් ඔහු නියෝග කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව උතුරු සහ දකුණු ප්යොංයැංහි පදිංචිකරුවන් අතර ජු-ඒ යන වාසගම සහිත කාන්තාවන්ගේ උප්පැන්න සහතික වෙනස් කිරීමට නියෝග නිකුත් කර ඇත.

මීට පෙර රටේ නායකයින්ගේ සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ගේ නම් තබා ගැනීම තහනම් කර තිබීම විශේෂත්වයකි.