මුද්‍රණ කටයුතු සඳහා ඉල්ලා සිටි මුදල් ලැබී නැතැයි රජයේ මුද්‍රණාලය නිවේදනය කර තිබේ.
පළාත් පාලන මැතිවරණය සඳහා මුද්‍රණ කටයුතු සඳහා රුපියල් මිලියන 400ක් අවශ්‍ය බව රාජ්‍ය මුද්‍රණාලය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත පසුගියදා ලිපියක් යවමින් පෙන්වා දී ඇත.
ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ ජාතික සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණා.
මේ අතරතුර මැතිවරණයට අවශ්‍ය මුදල් ලබාදෙන ලෙස රටේ ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලීමක් කිරීමේ අදහස ඇය එහිදී රජයට යෝජනා කළාය.