27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeSportරග්බි ලෝක කුසලානය ලංකාවට ගෙන එයි

රග්බි ලෝක කුසලානය ලංකාවට ගෙන එයි

රග්බි ලෝක කුසලානයේ ජයග්‍රාහකයන්ට පිරිනැමෙන ‘වෙබ් එලිස් කුසලානය‘ ලාංකිකයන්ට දැක ලබා ගැනීමට අවස්ථාව උදාවී තිබේ. ඒ අනුව සති අන්තයේදී කොළඹදී හා මහනුවරදී මෙම කුසලානය දැක ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.

කුසලානය සෙනසුරාදා උදෑසන 11 සිට පස්වරු 3 දක්වා ලොන්ග්ඩොං පෙදෙසේදී මහජන ප්‍රදර්ශනයට ගෙන එයි. ඉන් අනතුරුව පස්වරු සිට රේස් කෝස් පිටියේදී මහජන ප්‍රදර්ශනය වෙනුවෙන් තබනු ඇත. ඉරිදා දිනයේදී කුසලානය CR & FC පිටියට ගෙන යාමට නියමිතය.

අනතුරුව කුසලානය මහනුවරට රැගෙන යන අතර එහිදී එය මහනුවර ක්‍රීඩා සමාජයේ නිවහන වන නිත්තවෙල ක්‍රීඩා සමාජයේ පෙබරවාරි 22 වැනිදා පෙරවරු 10 සිට ප්‍රදර්ශනය කෙරේ. රග්බි ලෝක කුසලානය 2023 වසරේ ප්‍රංශයේ පැවැත්වීමට නියමිතය.