― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවගාවන්ට හානි කරන සතුන් හය දෙනෙකු ඝාතනය කිරීමට අවසර

වගාවන්ට හානි කරන සතුන් හය දෙනෙකු ඝාතනය කිරීමට අවසර

වගාවන් විනාශ කරන රිළවුන් සහ වඳුරන් මරා දැමීමට රජය ගොවීන්ට අවසර දී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අර්තාපල් බීජ ගොවීන් සමඟ පැවති සාකච්ඡාවකදී ගොවීන් පෙන්වා දී ඇත්තේ රිළවුන් විසින් අර්තාපල් වගා කිරීමට නොහැකි වන ආකාරයෙන් වගාවන් විනාශ කරන බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා අනාවරණය කළේ වඳුරන් ඇතුළු බෝග විනාශ කරන සතුන් හය දෙනෙකු ශ්‍රී ලංකාවේ ආරක්ෂිත සතුන් ලැයිස්තුවෙන් පසුගියදා ඉවත් කළ බවයි.

ආරක්ෂිත ලේඛනයේ සිටි රිලවා. වඳුරා. ඌරා. ඉත්තෑවා. දඩුලේනා සහ මොණරා යන සතුන් ආරක්ෂිත සතුන් යන ලැයිස්තුවෙන් ඉවත් කර ඇති බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

එබැවින් එම සතුන්ගෙන් ඇති වන උවදුර මැඬලීම සඳහා ඕනෑම ක්‍රියාමාර්ගයක් භාවිතා කිරීමට ගොවීන්ට නිදහස ඇති බව අමාත්‍ය අමරවීර මහතා ප්‍රකාශ කර තිබෙනවා.

විදේශයන්හි සිදු කරන ලද අධ්‍යයනයන් ඇතුළුව පර්යේෂණ සිදු කිරීමෙන් පසු ගැටලුව විසඳීමට වෙනත් ක්‍රම නොමැති බව ඔප්පු වී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.