26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉන්දියාවෙන් ශීත කළ මාළු ආනයනයට කටාර් රාජ්‍යය පනවා තිබූ තහනම ඉවතට

ඉන්දියාවෙන් ශීත කළ මාළු ආනයනයට කටාර් රාජ්‍යය පනවා තිබූ තහනම ඉවතට

ශිත කළ මාළු ඉන්දියාවෙන් ආනයනය කිරීමට පනවා තිබූ තහනම් කටාර් රාජ්‍යය තාවකාලිකව ඉවත් කර තිබෙනවා.

මෙම තහනම පනවනු ලැබුවේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේයි.

ඒ ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියකට පෙර ඉන්දියාවෙන් ආනයනය කළ මත්ස්‍ය භොග කිහිපයක කොළරා බැක්ටීරියාව අඩංගු බවට අනාවරණ වීමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත්, කටාර්හි ඉන්දීය තානාපති කාර්යාලය සමග සාකචිඡා කර එම ගැටලුව නිරාකරණය කිරීමෙන් පසු කටාර් රාජ්‍යයේ මහජන සෞඛ්‍ය අමාත්‍යාංශය ශීත කළ මාළු ආනයනය සඳහා පනවා තිබූ තහනම් පෙබරවාරි 16 වනදා සිට ක්‍රියාත්මක පරිදි ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.