28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldතුර්කියේ සහ සිරියාවේ භූ කම්පනවලින් මියගිය ගණන 46000 ඉක්මවයි

තුර්කියේ සහ සිරියාවේ භූ කම්පනවලින් මියගිය ගණන 46000 ඉක්මවයි

තුර්කියේ සහ සිරියාවේ සිදුවූ දැවැන්ත භූ කම්පනවලින් මියගිය සංඛ්‍යාව 46000 ඉක්මවා ගොස් තිබෙනවා.

විදෙස් පුවත් සේවා සඳහන් කළේ තුර්කියේ මහල් නිවාස 264000ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි.

මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

භූමිකම්පාවෙන් දින 12කට පසු, දකුණු තුර්කියේ ඇන්ටාක්යා නගරයේ ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිටි පස් දෙනෙකුගෙන් යුත් සිරියානු පවුලක් බේරා ගැනීමට සහන කණ්ඩායම් දැවැන්ත උත්සාහයක නිරත වූ බවයි වාර්තා වන්නේ.

එහිදී මව සහ පියා සහ කුඩා දරුවෙකු ජිවතුන් අතර සිටියදී බේරා ගැනුණ ද දරුවා විජලනය වීමෙන් මිය ගිය බව ගලවා ගැනීමේ කණ්ඩායම ප්‍රකාශ කර තිබෙනවා.

එම පවුලේ තවත් දරුවන් දෙදෙනෙකු බේරා ගැනීමට හැකිවී නැහැ.

තුර්කියේ මරණ සංඛ්‍යාව 40,642 ක් වන අතර අසල්වැසි සිරියාවේ මරණ 5,800 කට වඩා වාර්තා වී තිබෙනවා.