26.1 C
Colombo
Thursday, July 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldබල්ගේරියාවේ ලොරි රථයක ඇෆ්ගනිස්ථාන සරණාගතයින් 18කගේ මළ සිරුරු

බල්ගේරියාවේ ලොරි රථයක ඇෆ්ගනිස්ථාන සරණාගතයින් 18කගේ මළ සිරුරු

තුර්කියේ සිට බල්ගේරියාවට ඇතුළු වූ කන්ටේනර් රථයක් මිනිසුන් නොමැති ස්ථානයක නවතා ඇති බවට පොලිසියට තොරතුරක් ලැබී තිබේ.

ඉන් අනතුරුව ලොරි රථය සොෆියා අගනුවරට කිලෝමීටර් 20ක් ඔබ්බෙන් පිහිටි ලෝගාර්ස්කෝ ගම්මානයේ ජන ශුන්‍ය ප්‍රදේශයක නවතා තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කන්ටේනර් රථය පරීක්‍ෂා කිරීමේදී එහි පුද්ගලයින් 52ක් සිරකර ඇති ඇති අයුරු දැකගත හැකි වී තිබේ. ඉන් පුද්ගලයින් 18 දෙනෙක් මියගොස් ඇති අතර ළමුන් ඇතුළු ඉතිරි 34 දෙනා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

කන්ටේනරයේ සිටි සියල්ලන්ම ඇෆ්ගනිස්ථානයේ සිට පැමිණි සරණාගතයින් බවත් සියලුම සරණාගතයින් තුර්කියේ සිට බල්ගේරියාව හරහා නීතිවිරෝධී ලෙස යුරෝපයට ඇතුළු වීමට උත්සාහ කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් බල්ගේරියානු පොලිසිය පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

#Sky News