29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldරුසියාව මානව හිමිකම් උල්ලංඝනය කරන බවට ඇමරිකාවෙන් චෝදනා

රුසියාව මානව හිමිකම් උල්ලංඝනය කරන බවට ඇමරිකාවෙන් චෝදනා

යුක්රේනයට එරෙහි යුද මෙහෙයුම් ආරම්භ කළ රුසියාව, මානව හිමිකම් උල්ලංඝනය කරන බවට ඇමෙරිකාවේ උප ජනාධිපතිනි කමලා හැරිස් චෝදනා කරනවා.

ඇය මේ බව ප්‍රකාශ කළේ ජර්මනියේ මියුනිච් නුවර පැවැති ආරක්ෂක සමුළුවට එක්වෙමින්.

රාජ්‍ය නායකයන් රැසක් මෙම සමුළුවට සහභාගී වූ අතර, සමුළුවේ පුමුඛ අවධානය යොමු වූයේ යුක්රේන අර්බුදය සමබන්ධයෙනුයි.

රුසියාව, යුක්රේනයට එරෙහිව මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවේ පසුගිය 2022 වසරේ පෙබරවාරි 24 වැනිදායි.

යුක්රේනය ආක්‍රමණයට පැමිණ සිටින රුසියන් හමුදා සිවිල් වැසියන් ඝාතනය කරන බවත්, යුක්රේන කාන්තාවන්ට ලිංගික හිරිහැර සිදු කරන බවටත් පැමිණිලි ලැබී ඇතැයි ඇමෙරිකා උප ජනාධිපතිනිය ආරක්ෂක සමුළුවේදී පෙන්වා දී තිබෙනවා.