30 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldහොර රහසේ දරුවන් 60කගේ පියෙක් වූ අයෙක් සොයා විමර්ශන

හොර රහසේ දරුවන් 60කගේ පියෙක් වූ අයෙක් සොයා විමර්ශන

ව්‍යාජ අනන්‍යතාවයන් භාවිත කරමින් ශුක්‍රාණු පරිත්‍යාග කළ පුද්ගලයෙක් දරුවන් 60 දෙනකුගේ පියෙක් බවට අනවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් මෙලෙස ව්‍යාජ අනන්‍යතාවන් හතරක් යොදාගනිමින් ශුක්‍රාණු පරිත්‍යාග කර ඇති බවයි වාර්තා වන්නේ. ඕස්ට්‍රේලියානු සමරිසි ප්‍රජාව දෙමාපියන් වීමේ සතුට වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවයක් අතරතුර මේ පිළිබඳව අනාවරණය වී ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ.

එම උත්සවය සඳහා කැඳවාගෙන පැමිණි ඔවුන්ගේ දරුවන් බොහෝ දෙනෙකුගේ දේහ ලක්ෂණ එක හා සමාන බවට සමරිසි දෙමාපියන්ට නිරීක්ෂණය වී තිබෙනවා. පසුව ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඕස්ට්‍රේලියාවේ ශුක්‍රාණු බැංකුවලින් එම දෙමාපියන් විමසීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී එකම පුද්ගලක් විසින් ව්‍යාජ නම් හා තොරතුරු භාවිත කරමින් නිල හා නිල නොවන ආකාරයෙන් ඕස්ට්‍රේලියාවේ ශුක්‍රාණු බැංකු වෙත ශුක්‍රාණු පරිත්‍යාග කර ඇති බවට අනවරණය වී තිබෙනවා. එලෙස ශුක්‍රාණු පරිත්‍යාග කිරීම වෙනුවෙන් ඔහු ත්‍යාග සහ මිල මුදල් ද ලබාගෙන ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

එලෙස ව්‍යාජ නම් හා තොරතුරු භාවිත කරමින් ශුක්‍රාණු පරිත්‍යාග කළ පුද්ගලයා සොයා ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ විමර්ශන ආරම්භ කර ඇති අතර මෙම පුද්ගලයාගේ අනන්‍යතාවය තවමත් හෙළිකර ගැනීමට හැකිව නැහැ. එක්සත් රාජධානියේ මෙන්, ඔස්ට්‍රේලියාවේද මිනිස් ශුක්‍රාණු සඳහා ගෙවීමට හෝ තෑගිදීමට අපරාධමය වරදක් වන අතර එම වරදට වසර 15ක් දක්වා සිරදඬුවමක් පැනවීමේ හැකියව පවතිනවා.