29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅනියම් සැමියාට කියා දැරියට හදි කළ මවක් අත්අඩංගුවට

අනියම් සැමියාට කියා දැරියට හදි කළ මවක් අත්අඩංගුවට

අනියම් සැමියාට සිය වයස අවුරුදු 07ක බාලවයස්කාර දැරියව අපයෝජනය කිරිම සඳහා අනුබල දුන්බව කියන මවක් සහ අනියම් සැමියා කටුගස්තොට පොලිසිය විසින් පසුගිය 17 වනදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ මව එම අනියම් සැමියාව මුහුණු පොත ඔස්සේ හඳුනාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ. කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි අදාළ කාන්තාවගේ සැමියා මීට වසර දෙකකට පමණ පෙර මිය ගොස් ඇති අතර පසුව එම කාන්තාව මුහුණු පොත හරහා විවිධ පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් සමඟ සම්බන්ධතා පවත්වාගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ.

එලෙස හඳුනාගත් රත්තොට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් සමඟ ඇය සමීප සම්බන්ධතාවක් පත්වා ඇති අතර, ඔහු නිරන්තරයෙන් ඇය පදිංචිව සිටි නිවසට පැමිණීමට හුරුව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඒ අතරතුර දිනක කාන්තාවගේ හත් හැවිරිදි දැරිය අපයෝජනය කිරීමට මෙම අනියම් සැමියා පෙළඹ ඇති අතර ඒ සඳහා දැරියගේ මවද ඔහුට අනුබල ලබාදී ඇති බව සඳහන්.
මේ සම්බන්ධයෙන් දැරිය විසින් ඇයගේ නැන්දාට පවසා ඇති අතර නැන්දා විසින් දැරියගේ මිත්තණියටද මේ බව පවසා පොලිසියය පැමිණිලි කිරීමට කටයුතු කර තිබෙනවා.

එම පැමිණිල්ලට අදාළව සැකකාර මව සහ ඇයගේ අනියම් සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔවුන් මහනුවර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධාගාර ගත කිරීමට නියෝග කළ බවයි පොලිසිය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.