― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසාම සාධක රාජකාරි සඳහා මාලි ගිය ලාන්ස් කෝප්‍රල්වරයෙක් ජීවිතක්ෂයට

සාම සාධක රාජකාරි සඳහා මාලි ගිය ලාන්ස් කෝප්‍රල්වරයෙක් ජීවිතක්ෂයට

මාලි රාජ්‍යයේ සාම සාධක හමුදා රාජකාරීවල නිරතව සිටි ශ්‍රී ලාංකික යුධ හමුදා නිලධාරීවරයෙකු හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මිය ගොස් ඇති බව යුධ හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ශ්‍රී ලංකා යුධ හමුදා සේවා බළකායේ ලාන්ස් කෝප්‍රල් දේශප්‍රිය එම්.ජී.එල් නැමැති අයෙකි. 40 හැවිරිදි ඔහු දෙදරු පියෙක් වන අතර ඉකුත් 11 වැනිදා හෘදයාබාධයක් හේතුවෙන් මාලි රාජ්‍යයේ බනාකෝ නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවත්වා ගෙන යනු ලබන තුන්වන මට්ටමේ රෝහලකට ඇතුළත් කර තිබේ. එහි ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ වසර 14ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති මෙම ලාන්ස් කෝප්‍රල් දේශප්‍රිය එළඹෙන අගෝස්තු මස 17 වැනිදා මාලි රාජ්‍යයේ සිට රාජකාරීය නිමා කර ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්ප්‍රදායන්ට අනුකූලව මාලි රාජ්‍යයේ මිනුස්මා හමුදා මෙහෙයුම් ප්‍රධානී ඩැනියෙලා ක්‍රොස්ලැක් මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම මූලස්ථානයේදී ඉකුත් 16 දින දේහය පිළිබද අවමංගල්‍ය උත්සවයක් පවත්වා ඔහුට ගෞරව දක්වා තිබුණා.
දේශප්‍රියගේ දේහය අද (22) සවස 6ට තුර්කි ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙන ඒමට නියමිතය.

අවමංගල්‍ය කටයුතු පසුව ශ්‍රී ලංකා යුධ හමුදා උත්තමාචාර මධ්‍යයේ අනුරාධපුර විහාරමැදවච්චියේ දී සිදු කිරීමට නියමිතයි.