අලි කපුටු පොහොට්ටු ආණ්ඩුව විසින් නව නීතියක් හරහා මෙතෙක් කලා මහබැංකුවේ මැදිහත්වීම තුළ විවිධ අවස්ථාවල දි ගොවිතැනට, කෘෂිකර්මාන්තයට, ව්‍යාපාරවලට දුන් සහන ණය අහෝසි කිරීමට සූදානමක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
හෙතෙම මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (19) මාවනැල්ලේ පැවැති ජන රැළියකට එක් වූ අවස්ථාවේදීය.
එහි දී විපක්ෂ නායකවරයා කියා සිටියේ ආපදා අවස්ථාවල දී ජන ජීවිතය නැවත යථා තත්ත්වයට පත් කිරීමට මහබැංකුවේ මැදිහත් වීම මත අඩුපොළියකට ලබා දුන් ප්රතිමූල්ය ණය නතර කිරීමට සූදානම් බවත් මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාද? කියා ආණ්ඩුවෙන් අසන බවත් ය. ගොවි ජනතාවට දුන් සියයට 7ක පොලී සහනාධාර ණය ද අහෝසි කිරීමට සැලසුම් කර ඇති බවත් යම් පුද්ගලයකු සහන ක්‍රමයකට ණයක් ගෙන ව්‍යාපාරයක් කර ගෙන යන අවස්ථාවල එම ව්‍යාපාරය යම් මෙයකින් කඩා වැටුනහොත් එහි දී බැංකුට වන හානිය මහබැංකුව පූර්ණය කළ නමුත් මෙය ද ඉවත් කිරීමට සැලසුම් කර ඇති බව විපක්ෂ නායකවරයා තවදුරටත් අනාවරණය කළේය.
නිදහස් දින උළෙලේ ජංගම වැසිකිළිවලට විශාල මුදලක් වෙන් කරන්න, ලෝකෙට පේන්න නිදහස් උළෙල සමරන්න හැකි වුවත් ජනතාවගේ සර්වජන ඡන්ද බලය ලබා දෙන්න හැකියාවක් නොමැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ කුමන්ත්රණකාරී ලෙස ජනතාවගේ ඡන්ද බලය අහිමි කිරීමට ආණ්ඩුව උත්සාහ කරන බව යි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ පසුගිය දා මාවනැල්ලේ පැවති ජන රැලියකට එක්වෙමිනි.
එසේ ම මෙරට දශලක්ෂ සංඛ්‍යාත ජනතාව විශාල අරගලයක් සිදු කර රාජපක්ෂලාව ගෙදර යැවූ නමුත් මේ වන විට ජනතාව අපේක්ෂා කළ වෙනස සිදු නොවූ බවත් සිදු වූ වෙනස වන්නේ කපුටු පොහොට්ටු ගොඩට අලියෙකු එකතු වී ඇති බවත් මේ අලි කපුටු පොහොට්ටු ආණ්ඩුව විසින් ජනතාවට බදු පනවා, විදුලි බිල, ගෑස් මිල, ඉන්ධන මිල වැඩි කිරීම තුළින් තෘප්තියක් ලබන බවත් මේ රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුව විසින් මූල්‍ය අපරාධ සිදු කළ අයට දඬුවම් දෙනවා වෙනුවට ජනතාවට දඬුවම් දෙන බව විපක්ෂ නායකවරයා පැවසීය.
එබැවින් මේ පළාත් පාලන මැතිවරණය තීරණාත්මක බවත් එය ජය ගෙන මේ කුරිරු පාලනය නැවැත්විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.