― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalහිටපු ජනාධිපතිවරුන්ට මුදල් දීම නවත්වන්න - අනුර කුමාර

හිටපු ජනාධිපතිවරුන්ට මුදල් දීම නවත්වන්න – අනුර කුමාර

හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ අඹු සැමියන්ගේ නඩත්තුවට බදු ගෙවන්නන්ගේ මුදල් වියදම් කිරීමේ පුරුද්ද නතර කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසීය

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (19) කොළඹ පැවති රැස්වීමක් අමතමිනි.

රට අරාජික වෙද්දී දේශපාලන පවුල් නඩත්තු කරන්න බැහැ. 1993 වසරේ රණසිංහ ප්‍රේමදාස ඝාතනය වූ දා සිටම ඔහුගේ බිරිඳ හේමා ප්‍රේමදාස මහත්මියට රජයෙන් මුදල් ලැබෙනවා. ඒවගේම හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂගේ සුඛෝපභෝගී වියදම් සඳහා රජයේ මුදල් විශාල ප්‍රමාණයක් වෙන් කරනවා.

බහුතරයක් ජනතාව එදා වේල පිරිමසා ගැනීමට දඟලද්දීත් ආණ්ඩුව හිටපු ජනාධිපතිවරුන්ට විශාල මුදලක් වෙන්කර තිබෙනවා. අපේ පක්ෂය ආණ්ඩුවක් හැදුවොත් මේ වගේ නාස්තිය වහා නවතිනවා. දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන හිටපු ජනාධිපතිවරුන්ට සහ හිටපු ජනාධිපතිවරුන්ට මුදල් වෙන් කිරීමට සාධාරණ හේතුවක් බංකොලොත් ආණ්ඩුවට ඉදිරිපත් කළ හැකිද?