29 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldලිංගික කටයුත්තක් සඳහා සුදුසුකම් ලබන වයස වැඩි කිරීමට තීරණයක්

ලිංගික කටයුත්තක් සඳහා සුදුසුකම් ලබන වයස වැඩි කිරීමට තීරණයක්

ලිංගික කටයුත්තක් සඳහා සිය කැමැත්ත ලබා දීමට කෙනකු සුදුසුකම් ලබන වයස අවුරුදු 13 සිට 16 දක්වා වැඩි කිරීමට ජපානය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජර්මනියේ සහ ඉතාලියේ මෙම වයස් සීමාව අවුරුදු 14 ක් වන අතර ප්‍රංශයේ එය අවුරුදු 15ක් ලෙසත් එක්සත් රාජධානියේ එය අවුරුදු 16 ක් ලෙසත් සම්මත කර ටිබේ.

සංවර්ධිත රටවල් අතරින් මේ වනවිට මේ සම්බන්ධයෙන් අඩුම වයස් සීමාවක් ක්‍රියාත්මක වන්නේ ජපානයේ වන අතර එරට අධිකරණ අමාත්‍යාංශය විසින් පත් කරන ලද විශේෂඥ මණ්ඩලය ජපානයේ එම වයස් සීමාව ඉහළ දැමීම සඳහා යෝජනා කර ඇත.

ලිංගික අපරාධවලට අදාළ නීතිවල විශාල සංශෝධනයක් සිදු කිරීමට ජපානය සූදානම් වන බවයි වාර්තා වන්නේ. එහි එක් පියවරක් ලෙස මෙම තීරාය ගනු ලැබේ.