25.6 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldජපානයේ වෙරළකට ලෝහමය ගෝලයක් ගොඩ ගසයි

ජපානයේ වෙරළකට ලෝහමය ගෝලයක් ගොඩ ගසයි

ජපානයේ එන්ෂුහාමා වෙරළට ගොඩගසා ඇති විශාල ලෝහමය ගෝලයක් හේතුවෙන් එම ජනතාව විමතියට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ගෝලය මතුපිට මළ බැදී ඇති අතර මීටර 1 දශම 5ක් පමණ පළලකින් මෙම ගෝලය යුක්ත වන බවයි ජපාන මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

එම ලෝහමය ගෝලය මුහුදු තීරයෙන් ඉවත් කිරීමට කඩිනමින් පියවර ගෙන ඇති අතර එය කුමක් ද යන්න මෙතෙක් හදුනාගෙන නොමැත.