24.5 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජවිපෙ කියන සැප වාහන කතාව තනිකරම බොරුවක්

ජවිපෙ කියන සැප වාහන කතාව තනිකරම බොරුවක්

සුපිරි වාහන 239ක් රාජ්‍ය ඇමැතිවරුන්ගේ පාවිච්චිය වෙනුවෙන් ගෙන්වා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ කළ ප්‍රකාශය බොරුවක් බව තමා වගකීමෙන් ප්‍රකාශ කරන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කළා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (23) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්.

මේ සිද්ධිය සම්බන්ධයෙන් වරාය අධිකාරියට අනුබද්ධිත ආයතනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ද කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම අසත්‍ය ප්‍රකාශය කළ සියලු පුද්ගලයන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට කැඳවන ලෙසට ද නිමල් සිරිපාල ද සිල්වා ඉල්ලීමක් ද කරනු ලැබුවා.

ඔහු මෙසේ පැවසුවේ රාජ්‍ය අමාත්‍යවරුන්ට සැප වාහන 239ක් ගෙනැවිත් ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ සමන්ත විද්‍යාරත්න සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.