25 C
Colombo
Saturday, May 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅධික මිලට ඖෂධ අලෙවි කළැයි පෞද්ගලික රෝහලට එරෙහිව පැමිණිල්ලක්

අධික මිලට ඖෂධ අලෙවි කළැයි පෞද්ගලික රෝහලට එරෙහිව පැමිණිල්ලක්

නාරාහෙන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් රෝගියෙකුට අධික මිලකට ඖෂධ අලෙවි කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන මණ්ඩලයට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

මෙම රෝහලේ රුපියල් 12,264ක් වටිනා ඖෂධයක් සඳහා රුපියල් 33,400ක්ද රුපියල් 6,700ක ඖෂධයක් සඳහා රුපියල් 17,030ක්ද අය කළ බවට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබේ.

හෘදයාබාධයක් වැළඳී ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකටයි මෙලෙස මිල අධික ඖෂධ ලබාදී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් එම කාන්තාවගේ පුත්‍රයා විසින් පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන මණ්ඩලයට පැමිණිල්ලක් කර ඇත.