― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldතම පුත්‍රයා සමඟ වසර 03ක් නිවසේ දොරගුළු දමා සිටි මවක් මුදා ගැනේ

තම පුත්‍රයා සමඟ වසර 03ක් නිවසේ දොරගුළු දමා සිටි මවක් මුදා ගැනේ

සිය 10 හැවිරිදි පුත්‍රයා සමඟ වසර තුනක කාලයක් නිවසේ දොරඟුලු දමාගෙන නිවසින් පිටතට නොපැමිණ රැඳී සිටි කාන්තාවක් ඉන් මුදාගැනීමට ඉන්දීය ආරක්ෂක අංශ පසුගිය දා කටයුතු කර තිබෙනවා.

ලොව පුරා පැතිර ගිය කොවිඩ් වසංගත තත්ත්වයෙන් ආරක්ෂා වීමට අදාළ කාන්තාව මෙලෙස වසර තුනක කාලයක් සිය පුත්‍රයා සමඟ නිවස තුළටම වී ජීවත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

වසංගත තත්ත්වය හේතුවේ 2020 වසරේ දී ඉන්දියාව පළමු අඟුලු දැමීමත් සමඟ අදාළ කාන්තාව මෙලෙස නිවස තුළට වී සිටීමට කටයුතු කර ඇති අතර ඉන්දීය රජය විසින් එම සීමාවන් ලිහිල් කිරීමට තීරණය කළ පසු ඇයගේ සැමියා රැකියාව සඳහා නිවසින් පිටව ගොස් ඇති බව සඳහන්.

කෙසේ වෙතත් එලෙස නිවසින් පිටව ගිය සැමියා යළි නිවසට පැමිණි පසු ඔහුව නිවස තුළට නොගැනීමටයි මෙම කාන්තාව කටයුතු කර ඇත්තේ. ඒ හේතුවෙන් සැමියා සිය ඥාති නිවෙස්වල කලක් රැඳී සිට ඇති අතර පසුව ඔහු කුලී නිවසක ජීවත්විමටයි කටයුතු කර ඇත්තේ.

එම කාලය තුළ පෞද්ගලික සමාගමක ඉංජිනේරුවෙකු වන සැමියා නිවස තුළට වී ජීවත්වන සිය බිරිඳ සහ දරුවාගේ අඩුපාඩු සොයා බැලීමට කටයුතු කර තිබෙනවා. තම බිරිඳ සහ පුතා සමඟ සම්බන්ධව සිටීමට ඇති එකම මාර්ගය වීඩියෝ ඇමතුම් පමණක් බවත්, නිවසේ මාසික කුලිය ගෙවා, විදුලි බිල පියවා සිල්ලර බඩු, එළවලු මිලදී ගෙන ඒවා ප්‍රධාන දොරෙන් පිට තැබීමට තමන් කටයුතු කළ බවයි ඔහු පවසා ඇත්තේ. කෙසේ වෙතත් 33 හැවිරිදි වියේ පසුවන සිය බිරිඳගේ ක්‍රියාව ඉවසාගත නොහැකි වූ සැමියා පසුගියදා මේ පිළිබඳව පොලිසිය දැනුවත් කර ඇති අතර, පසුව පොලිසිය පැමිණ ඔවුන්ව නිවසින් පිටතට ගැනීමට කටයුතු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

වයස අවුරුදු හතේ දී නිවස තුළට වූ පිරිමි දරුවා වසර තුනකින් පසු නිවසින් එළියට පැමිණෙන විට 10 හැවිරිදි වියට පත්ව ඇති බවත්, ඒ වනවිට ඔහුගේ කොණ්ඩය උරහිස මට්ටම දක්වා වැවී තිබූ බවත් ඉන්දීය මධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබුණා.

නිවසින් පිටතට පැමිණි පිරිමි දරුවා සහ ඔහුගේ මව වහාම චක්කර්පූර්හි සිවිල් රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ. එම කාන්තාව ජීවත් වූ නිවස අපද්‍රව්‍ය එකතු වී අපිරිසිදු තත්ඇත්වයේ පවතී බවත්, තවත් දින කිහිපයක් ඔවුන් එම නිවස තුළ සිටියානම් ඕනෑම අවාසනාවන්ත දෙයක් සිදු විය හැකි බවයි එරට උසස් පොලිස් නිලධාරින් පවසා ඇත්තේ.