― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldභූ කම්පනයක් ගැන ඉන්දියාවට අනතුරු ඇඟවීමක්

භූ කම්පනයක් ගැන ඉන්දියාවට අනතුරු ඇඟවීමක්

ඉන්දියාව තුළ ඉදිරි දිනවල දී භූ කම්පනයක් ඇතිවිය හැකි බව භූ විද්‍යා විශේෂඥයෙක් වන ආචාර්ය එන්. පූර්ණචන්ද්‍ර රාඕ අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.

ඉන්දියානු භූ තලය සෑම වසරකම සෙන්ටිමීටර 05 ක් පමණ චලනය වන අතර ඒ අනුව ඉදිරි දිනවලදී මෙම භූ කම්පනය සිදුවුය හැකි බවයි ඔහු පවසන්නේ.

මේ අතර රිච්ටර් මාපකයේ 4.4 ක ප්‍රබල භූ කම්පනයක් නේපාලයට ඊයේ දිනයේ බලපෑ බව විදෙස් වාර්තා සඳහන් කරනවා. භූමිකම්පාව නේපාලයේ ජුම්ලා සිට කිලෝමීටර් 69 ක් දුරින් සිදුව ඇති අතර, භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානයට අනුව භූමිකම්පාවේ ගැඹුර කිලෝමීටර 10 ක් වූ අතර පස්වරු 1.30 ට පමණ සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

නේපාලය පසුගිය මාස කිහිපය තුළ නිරන්තර භූමිකම්පාවලට ලක් වූ අතර පසුගිය ජනවාරි 24 වන දින නේපාලයට රිච්ටර් මාපකයේ 5.8 ක ප්‍රබල භූ කම්පනයක් සිදුවුණා.