23.9 C
Colombo
Friday, February 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාලි හිදි මියගිය රණවිරුවාගේ දේහය දිවයිනට

මාලි හිදි මියගිය රණවිරුවාගේ දේහය දිවයිනට

මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරිවල නිරතව සිටියදී ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මියගිය යුද හමුදා ලාන්ස් කෝප්‍රල් එම්.ජී.එල්. දේශප්‍රියගේ දේහය දිවයිනට රැගෙනවිත් තිබේ.

ඔහුගේ දේහය මෙරටට රැගෙන විත් ඇත්තේ එක්සත් ජාතීන්ගේ ධජයෙන් ආවරණය කරමිනි.

මෘත දේහය මෙරට යුද හමුදාව විසින් යුද හමුදා ගෞරවාචාර මධ්‍යයේ භාර ගනු ලැබීය. මෘත දේහය ජාතික කොඩියෙන් ආවරණය කරමින් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මීගමුව රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

අවසන් කටයුතු ඔහු උපන් ප්‍රදේශය වන වරකාපොලදී සිදු කිරීමට නියමිතය.