27.8 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැතිවරණය කැඳවූයේ කොමිසමේ හැමෝගෙම එකඟත්වයෙන්

මැතිවරණය කැඳවූයේ කොමිසමේ හැමෝගෙම එකඟත්වයෙන්

තම කොමිසම මැතිවරණය කැඳවනු ලැබුවේ එහි සියලු සාමාජිකයන්ගේ එකඟතාවයෙන් නීත්‍යානුකූලව බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා පවසනවා.

මාර්තු 09 වනදා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව හෙට (24) දිනයේදී රැස්වී සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි එම කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා පවසන්නේ.

එමෙන්ම ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ සෑම ගැසට් නිවේදනයකටම කොමිසමේ සාමාජිකයින් 5 දෙනාම අත්සන් යොදා ඇති බවත් ඔහු වැඩිදුටත් ප්‍රකාශ කළේය.