― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී මහා බෝධියේ ආරක්ෂාව ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

ශ්‍රී මහා බෝධියේ ආරක්ෂාව ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

ශ්‍රී මහා බෝධි මලුවේ ඉදිකර ඇති විදුලි සංදේශ කුලුණු මගින් සහ අධි සංවේදී කුලුණු මගින් ජය ශ්‍රී මහා බෝධියට හානිවන බවට චෝදනා කරමින් බෞද්ධ සංවිධාන කිහිපයක් අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

අනුරාධපුරයේ පිහිටි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට විදුලි සංදේශ කුළුණුවලින් හානි සිදුවන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ කමිටුවක් ද පත් කරනු ලැබුවා.

අටමස්ථානාධිපති පුජ්‍ය පල්ලේගම හේමරතන හිමිපාණන්ගේ ඉල්ලීම මත ජනාධිපතිවරයා විසින් එම කමිටුව පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය නිරන්ජන් ගුණවර්ධන, ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය S. A. ක්‍රිෂ්ණරාජා, විදුලි සංදේශන කොමිෂන් සභාවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් H. රණතුංග සහ අනුරාධපුර දිසාපති ජනක ජයසුන්දර ගෙන් එම කමිටුව සමන්විතයි.