― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalගෙවීමට තිබූ බිල්පත්වලින් බිලියන 360ක් ගෙවා අවසන්

ගෙවීමට තිබූ බිල්පත්වලින් බිලියන 360ක් ගෙවා අවසන්

නව රජය බලයට පත් වන විට ගෙවා දැමීමට තිබූ බිල්පත්වලින් 53%ක් ගෙවී ගිය මාස 05ක කාලය තුළ ගෙවා දැමීමට කටයුතු කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නෙ 8%ක ඍණ ආර්ථිකයක් පැවැති වටපිටාවක බිල්පත්වලින් අඩකටත් වැඩි ප්‍රමාණයක් ගෙවා දැමීමට හැකි වීම ධනාත්මක කරුණක් බවයි. 2022 අගෝස්තු මස 31 වනදා වන විට රජය විසින් ගෙවා දැමීමට සඳහා අත පැවැති බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 360ක් වන අතර, 2023 වසරේ ජනවාරි 31 වන විට ගෙවා දමා ඇති සමස්ත බිල්වල වටිනාකම රුපියල් බිලියන 191ක්.

ගෙවා දැමීමට ඇති බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 169ක් බවයි අමාත්‍යවරයා පැවසුවේ. ඉන් බිලියන 100ක් පුනරාවර්තන වියදම් වන අතර 69ක් ප්‍රාග්ධන වියදම් වනවා.

ඉන් බිලියන 53ක්ම ජනවාරි මාසය තුළ ලැබුණ ඒවා බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. ගෙවා දැමීමට ඇති පුනරාවර්තන වියදම්වලින් බිලියන 18.9ක් සෞඛ්‍ය සහ ඖෂධ සඳහාද, විශ්‍රාම හා පාරිතෝශික සඳහා බිලියන 19.3%ක්, පොහොර සහ රසායනික සැපයුම් සඳහා බිලියන 12ක් වන අතර ඒවා ප්‍රමුඛතා අනුව ගෙවීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.