29.5 C
Colombo
Tuesday, June 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදක්ෂිණ අධිවේගයේ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

දක්ෂිණ අධිවේගයේ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම ආසන්නයේදී ආපදාවට ලක්ව නවතා තිබූ ලොරි රථයක, මෝටර් රථයක් ගැටීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම අනතුරින් විදේශ ජාතික කාන්තාවක්ද තුවාල ලබා ඇති අතර ඊයේ (23) රාත්‍රියේ එම මෝටර් රථය මාතර සිට කඩවත දෙසට ධාවනය වෙමින් තිබියදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ අක්මීමණ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි රියදුරෙකි.