28 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති ආරක්ෂාව ජයසිංහට බාරදෙයි

ජනපති ආරක්ෂාව ජයසිංහට බාරදෙයි

නියෝජ්‍ය පොලිස්පති ජේ.පී.ඩී. ජයසිංහ වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ආරක්ෂක දිසාව බාරව පත් කර ඇත.

ඔහු මීට පෙර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරව සිටි වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළේය. ජනාධිපති ආරක්ෂක දිසාව බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා විශ්‍රාම යෑමෙන් ඇතිවූ පුරප්පාඩුවට ජේ.පී.ඩී. ජයසිංහ පත් කර තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැඩ බැලීම සඳහා අපරාධ විමර්ශන කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට පත්කර ඇත. ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව හදිසි සේවා අවශ්‍යතා සලකා මැතිවරණ කොමිසන් සභාවේ ලබාගත් අනුමැතිය ඇතිව මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව ඒ සම්බන්ධයෙන් නිකුත් කළ විශේෂ පොලිස් පණිවිඩයේ සඳහන් කර ඇතැයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.