26.7 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමැතිසබයේදී ඇමති සුසිල් රෝහිණී කවිරත්නට බැනවදියි

මැතිසබයේදී ඇමති සුසිල් රෝහිණී කවිරත්නට බැනවදියි

පාර්ලිමේන්තු සභාවාරය අද (24) පෙරවරු 9.30ට කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.

එහිදී ඊයේ (23) දින භික්ෂුන් වහන්සේලා හා අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ කණ්ඩායමක් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වී සිදුකළ කළහාකාරී හැසිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වාද විවාද ඇති වුණා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පැහැදිලි කිරීමක් සිදුකළ අතර ඉන් අනතුරුව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කවිරත්න මෙම සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වා සිටියා.

එහිදී අධ්‍යාපන අමාත්‍යවරයා සහ මන්ත්‍රීවරිය අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වූ අතර එහිදී අමාත්‍යවරයා විසින් මන්ත්‍රීවරියට පරුෂ වචනයෙන් බැන වදින අයුරු පාර්ලිමේන්තු සභාවේ සජීවී දර්ශනවල ඇති හඬපටවල පටිගතව තිබුණා.