― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldරුසියානු - යුක්‍රේන ආක්‍රමණයට අදට වසරයි

රුසියානු – යුක්‍රේන ආක්‍රමණයට අදට වසරයි

රුසියාව යුක්රේනයට එරෙහි මෙහෙයුම් ආරම්භ කර අදට වසරක් සපිරෙනවා.

පසුගිය 2022 වසරේ පෙබරවාරි 24 වැනිදා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ නියෝග අනුවයි එරට ආරක්ෂක අංශ යුක්රේන ආක්‍රමණය සිදු කරනු ලැබුවේ. බොහෝ විශ්ලේෂකයින් මත පළ කර තිබුණේ රුසියාවට එරෙහි යුක්රේන ප්‍රතිරෝධය දින කිහිපයකින් බිඳ වැටෙනු ඇති බවයි.

එහෙත් වසරක් පුරා යුක්රේන හමුදාව මෙම බලවේගයට මුහුණ දී ඇති අතර රුසියානුවන්ගේ ආරම්භක ජයග්‍රහණ ආපසු හරවා යමින් Donbas කලාපයේ බලය මේ වන විට යුක්රේනය සතු වී තිබෙනවා. දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු සිදු වූ දැවැන්තම යුරෝපීය ආක්‍රමණය ලෙසට මෙය සැලකෙන අතර මේ වන විට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්රේනයට සොල්දාදුවන් 200,000කට වැඩි පිරිසක් යවා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තුවලට අනුව මෙම යුද්ධයෙන් අවම වශයෙන් සිවිල් වැසියන් 7,199ක් මිය ගොස් තවත් දහස් ගණනක් තුවාල ලබා තිබෙනවා. සමූහ ඝාතනයන් සිදු වූ බව කියන යුක්‍රේන මරියුපෝල් නගරයේ නගරාධිපතිවරයා කියාසිටියේ එම ප්‍රදේශයේ පමණක් පුද්ගලයන් 21,000ක් මිය ගොස් ඇති බවයි.

වසරකට ආසන්න කාලයක් පවතින ගැටුම් හමුවේ මිලියන 13 කට අධික ජනතාවක් විදේශයන්හි සරණාගතයන් බවට පත් කර හෝ යුක්රේනය තුළ ම අවතැන් ව සිටිනවා. එම වසරේ මාර්තු 2 වනදා රුසියාව Kherson නගරයේ පාලනයට නතු කර ගත් අතර එම දිනවලව් යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය ඇතුළු විශාල ප්‍රදේශයක ද බලය තහවුරු කර ගැනීමටයි රුසියානු ආරක්ෂක අංශ සමත් වුණේ.

මාර්තු 16 වැණිදා රුසියාව සිවිල් වැසියන්ද සිටි වරාය නගරයක් වන Mariupol හි රඟහලකට පහර දුන් අතර එම ප්‍රහාරයෙන් මිනිසුන් සිය ගණනක් මරණයට පත් වුණා. ගැටුම් අතරතුර ජුලි 22 වනදා තුර්කිය සහ එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම මත ගෝලීය ආහාර සුරක්ෂිතතාවයට තර්ජනයක් වූ ගැටුමක් අවසන් කරමින් කළු මුහුදේ වරායන්හි සිරවී ඇති ධාන්‍ය සැපයුම යළි ආරම්භ කිරීමේ ගිවිසුමකට රුසියාව සහ යුක්රේනය එකඟ වී තිබුණා.

මේ අතර රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම මහා මණ්ඩල රැස්වීමකදී එක්සත් ජාතීන්ගේ සංවිධාන ප්‍රධානී António Guterres විසින් හෙළා දැක තිබෙනවා. රුසියාව වහාම සහ කොන්දේසි විරහිතව මෙම යුදමය වාතාවරණයෙන් ඉවත් විය යුතු බවටයි ඔහු අවධාරණය කර ඇත්තේ.

‘ලෝකයේ සාමූහික හෘදසාක්ෂියට අපහාසයක්‘ ලෙසටයි ජගත් මහා ලේකම්වරයා රුසියානු ආක්‍රමණය හෙළා දැක ඇත්තේ. මේ අතර ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් පසුගියදා අනපේක්ෂිත ලෙස යුක්‍රේනයේ කියෙව් අගනුවර සංචාරයක ද නිරත වුණා. එය මෑත කාලයේ සිදු වූ පෙර නොවූ විරූ සංචාරයක් ලෙසටයි ධවල මන්දිර නිලධාරීන් ප්‍රකාශ කළේ.

ජනාධිපතිවරයාගේ සංචාරය, යුක්‍රේනයට උදව් කිරීමට බයිඩන් පරිපාලනයේ කැපවීම පිළිබඳව රුසියාව වෙත නිකුත් කරන සංඥාවක් ලෙසට ද සැලකෙනවා.