දකුණු ඉතාලියට ඔබ්බෙන් වූ මුහුදේ දී අනවසර සංක්‍රමණිකයන් රැගත් බෝටිටුවක් ගිලි යාමෙන් මේ වන විට සංක්‍රමණිකයන් 62 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම අනතුරෙන් එහි ගමන් ගත් ළමයින් ද ඇතුළුව 100 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි බලධාරීන් සැක පළ කරන්නේ.
අනවසර සංක්‍රමණිකයන් 200 රැගෙන යාත්‍රා කළ මෙම යාත්‍රාව ඉතාලියේ ක්‍රෝටෝන් අසලට ගොඩබෑමට උත්සාහ කිරීමේදි ගිලි ගිය බවටයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ ඇෆ්ගනිස්තානය, පාකිස්ථානය, සෝමාලියාව සහ ඉරානය යන රටවලින් පැමිණි අනවසර සංක්‍රමණිකයන් එහි ගමන් කළ බවයි.
අනතුරෙන් මියගිය අය අතර කුඩා දරුවෙකු ද ඇතුළුව ළමුන් 12 දෙනෙකු ද සිටින බව මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කළා.
බෝවිටුව ගිලි යාමෙන් පසු වෙරළට ළඟා වීමට සමත් වූ පුද්ගලයින් 80 දෙනෙකු ජීවතුන් අතර සිටින බව සොයාගෙන ඇති බවයි ඉතාලි වෙරළාරක්ෂක බළකාය පැවසුවේ.