24.5 C
Colombo
Thursday, December 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජොන්ස්ටන්ට එරෙහි අල්ලස් නඩුව කල් යයි

ජොන්ස්ටන්ට එරෙහි අල්ලස් නඩුව කල් යයි

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි කොළඹ මහාධිකරණයේ ගොනුකර ඇති අල්ලස් නඩුව විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (27) නියම කළා.

2014 වසරේදී සතොස ආයතනයේ සේවකයන් පිරිසක් නිල රාජකාරීවලින් පරිබාහිරව පුද්ගලික කටයුතුවල යෙදවීමට එරෙහිව හිටපු වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු සතොස සභාපති එරාජ් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව ගොනුකොට තිබුණා.

ඒ අල්ලස් පනතේ දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා නගමින්. කෙසේ වෙතත් මෙම විමර්ශනයේදී අවශ්‍ය කොමසාරිස්වරුන් තිදෙනාගේම නිර්දේශය ලබාගෙන නොමැති බැවින් නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය වෙනුවෙන් මූලික විරෝධතාවයක් මතුවූ අතර එය ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා මෙම නඩුව විභාගයට ගැනීමට නියම කළා.

ඒ අනුව එම නඩුව මැයි මස 10 වනදා යළි කැඳවීමට නියමිතය.