25.6 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldපාකිස්ථාන රාජ්‍ය සේවකයින්ගේ වැටුපෙන් අඩක් කැපෙයි

පාකිස්ථාන රාජ්‍ය සේවකයින්ගේ වැටුපෙන් අඩක් කැපෙයි

පාකිස්ථාන මාධ්‍ය රජයේ හෝ පළාත් ආණ්ඩුවේ කිසිඳු විධිමත් නියෝගයකින් තොරව බලුකිස්ථානයේ රාජ්‍ය සේවකයින්ගේ මාසික වැටුපෙන් අඩක් කපා ගැනීමට පියවරගෙන ඇති බවට පාකිස්ථාන මාධ්‍ය වාර්තා කරනවා.

අදාල වැටුප් කප්පාදුව සිදුකර ඇත්තේ තුර්කයේ භූකම්පාවෙන් විපතට පත්වූන්ට සහන දීමට බවත් කප්පාදුවට ලක්වූ මුදල් අරමුදලක් ඔස්සේ තුර්කයට ලබාදීමට නියමිත බවදට සඳහන්ව ඇති බවට පාකිස්ථාන මාධ්‍ය වාර්තා කරයි.

මෙම වැටුප් කප්පාදුව සිදුව ඇත්තේ පාකිස්ථාන තුල දැඩි ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති පසුබිමක වන අතරම එරට රජයට දැඩි දූෂණ චෝදනා එල්ල වී ඇති අවස්ථාවකදීය. මෙම වැටුප් කප්පාදුවට බලුකිස්ථානයේ රාජ්‍ය නිලධාරින් සිය දැඩි විරෝධය පළකර ඇති අතර එහිදී සිය බලවත් අප්‍රසාදය පළකර ඇත.