26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තය බලා පිටත් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තය බලා පිටත් වෙයි

නවසීලන්තය සමඟ එළඹෙන තරග සංචාරය සඳහා එක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (27) අලුයම නවසීලන්තය බලා පිටත්ව ගියා.

ක්‍රීඩකයන් 17 දෙනෙක් සහ නිලධාරීන් 12 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම මෙලෙස ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (27) අලුයම 12.40ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව් 469 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළෙන් නවසීලන්තය බලා යෑමට පිටත්ව ගොස් තිබෙනවා.

දෙරට අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරග 02ක්, එක්දින තරග 03ක් සහ විස්සයි විස්ස තරග 03ක් මෙම තරග සංචාරයට ඇතුළත්. නවසීලන්තය බලා පිටත්ව යෑමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රිකට් ආයතනයේදී ආගමික වතාවත්වලට ද එක් වුණා.