28 C
Colombo
Tuesday, March 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපාකිස්තාන නාවික හමුදාපති ජනපති රනිල් හමුවෙයි

පාකිස්තාන නාවික හමුදාපති ජනපති රනිල් හමුවෙයි

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානි අද්මිරාල් මුහම්මඩ් අම්ජාඩ් ඛාන් නිආසි (Muhammad Amjad Khan Niazi) මහතා අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී සාකච්ඡාවක නිරත විය.

ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර සමුද්‍රීය කලාපීය සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම සහ දෙරට අතර නාවික කටයුතු වඩාත් පුළුල්ව ඉදිරියට ගෙන යෑම පිළිබඳව මෙහිදි සාකච්ඡා කෙරිණි.

මෙම හමුව සංකේතවත් කරමින් පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානි විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

පාකිස්ථානු මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රධානින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.