9.2 C
London
Thursday, March 23, 2023

මුජිබර්ගේ පෙත්සම් විභාගය කල් යයි

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා රජය විසින් සිදුකරන බාධා කිරීම් වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන මස 14 වැනිදා යළි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා.

එදිනට පෙර පෙත්සමට අදාළ ලේඛන ඉදිරිපත් කිරීම සඳහා අධිකරණය විසින් මැතිවරණ කොමිසමට හා පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට අවසර ලබා දුන්නා. විජිත් මළල්ගොඩ, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම අද සලකා බැලුනා.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය කියා සිටියේ අධිකරණය පළාත් පාලන ඡන්දය ජනතා පරමාධිපත්‍යයේ ප්‍රධාන අංගයක් බවයි.

වත්මන් පලාත් පාලන ආයතනවල නිල කාලය මාර්තු මස 19 වනදා අවසන් වීමට නියමිතව තිබෙනවා. ඊට පෙර චන්ද විමසීමක් පැවැත්විය යුතුයි. ඒ අනුව අදාළ චන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය පියවර මැතිවරණ කොමිසම විසින් ගෙන තිබුණා. මේ සදහා 2023 වසරේ පැවැති අයවැය තුළින් මැතිවරණ කටයුතු සඳහා රුපියල් බිලියන 10 ක මුදලක් වෙන් කරනු ලැබුවා.එම අයවැය යෝජනාව පාර්ලිමේන්තුවේ වැඩි බහුතර මන්ත්‍රීවරුන් විසින් අනුමත කළා. ආර්ථික අර්බුදයක් පැවතී අවස්ථාවේදී තමා මෙම මුදල් වෙන් කිරීම සිදු කළේ. පාර්ලිමේන්තුව විසින් ගනු ලබන තීරණ ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යංශයේ ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ක්‍රියාත්මක කිරීමට බැඳී සිටිනවා. පැහැර හැරීමට හැකියාවක් නෑ. මැතිවරණ ක්‍රියාවලියට බාධා කරන රජයේ නිලධාරීන්ට නඩු විභාගයකින් වරදකරු වුවහොත් අවුරුදු 03 ක් දක්වා සිර දඬුවම් හා රුපියල් ලක්ෂයක් දක්වා දඩ නියම කිරීමට අධිකරණයට බලය පැවරී තිබෙනවා. රජයේ මුද්‍රණාලාධිපතිනිය විසින් චන්ද පත්‍රිකා මුදාහැරීම ප්‍රතික්ෂේප කිරීම නිසා තැපැල් ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි වුණා. මේක ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කල මරු පහරක්” යනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මේ තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් පෙන්වා දුන්නා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සමට පාදක වන පළාත් පාලන ඡන්ද විමසීම සඳහා වූ ඇප මුදල් භාර ගැනීම නැවත දැනුම් දෙන තුරු බාර නොගන්නා ලෙස දන්වමින් රාජ්‍ය පරිපාන ලේකම්වරයා විසින් නිකුත් කළ ලිපිය ඔහු විසින් දැනටමත් ඉල්ලා අස් කර ගෙන තිබෙන බව සඳහන් කළා.

එබැවින් කිසිදු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් ස්ථාපනය නොවන බව පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අදාළ පෙත්සම පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවත් කියා සිටියා.

මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මුදල් අමාත්‍යාංශයෙන් ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන ලබා නොදීම හේතුවෙන් නියමිත පරිදි ලබන 09 වනදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බව සඳහන් කළා.

අමාත්‍ය මණ්ඩලය විසින් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් මුදල් වෙන් කරන ලෙස අමාත්‍ය මණ්ඩලය මගින් උපදෙස් දී ඇති බවත් එම අත්‍යවශ්‍ය සේවා ලයිස්තුවට පළාත් පාලන ඡන්ද විමසීම ඇතුළත් වී නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.

එබැවින් පළාත් පාලන ඡන්ද විමසීම පැවත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මුදාහැරීම මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

කෙසේ වෙතත් මෙම චන්ද විමසීම පැවැත්වීම සම්බන්ධ ලබන තුන්වනදා මැතිවරණ කොමිෂම විසින් තීරණයක් ගැනීමට නියමිත බවත් ඔහු කියා සිටියා. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා සඳහන් කළේ මෙම නඩුවට අදාළව ලේඛන ඉදිරිපත් කිරීම සඳහා තමන්ට කාලය ලබා දන ලෙස ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට ඉඩ දුන් අධිකරණය පෙත්සම යළි සලකා බැලීම සඳහා ලබන 14 වනදා කැඳවන ලෙස නියෝග කළා.

Latest

රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක්

ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිට ගුජරාට් ප්‍රාන්තයේ අධිකරණයක් විසින්...

ඩොලරය ඉහළට

අද දිනයේ මෙරට වාණිජ බැංකුවල විනිමය අනුපාත අනුව ඇමෙරිකානු...

බන්දුලට ඉල්ලා අස් වෙන්නැයි රතු එළියක්

බස්‍ රථ අමතර කොටස් සහ ඒවායේ සේවා ගාස්තු අඩු...

ඩයනා ගමගේ සම්බන්ධයෙන් CIDයට නියෝගයක්

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේගේ පුරවැසිභාවයට අදාළ කාරණා කිහිපයක් සම්බන්ධයෙන්...

Don't miss

රනිල්ව ජනපති කළේ බැසිල් – ඉන්දික අනුරුද්ධ

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්කිරීමට යෝජනා කළේ පොදුජන පෙරමුණු...

රනිල්ව විශ්වාස කරලා තමයි IMF එකෙන් ණය ලබාදුන්නේ – හිරුණිකා

රනිල් වික්‍රමසිංහ තනි පුද්ගලයකු ලෙස විශ්වාස කර ජාත්‍යන්තර මුල්‍ය...

ඩී.එස්. සේනානායක දර්ශනය ක්‍රියාත්මක කළ සිංගප්පූරුව සංවර්ධිත රටක් බවට පත් වුණා – ජනපති

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස් සේනානායක මැතිතුමාගේ දර්ශනය අපි...

IMF කොන්දේසිවල විරුද්ධ විය යුතු කොන්දේසි තියෙනවා කියලා මම හිතන්නෑ – සිරිසේන

මුල්‍ය අරමුදලේ මූලික කොන්දේසි දහයේ විරුද්ධ විය යුතු කොන්දේසියක්...

මහින්දානන්ද අලුත්ගමගේට සභාපති ධුරයක්

ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක...

බන්දුලට ඉල්ලා අස් වෙන්නැයි රතු එළියක්

බස්‍ රථ අමතර කොටස් සහ ඒවායේ සේවා ගාස්තු අඩු නොවීම සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් පැවැත්වීමට විෂය භාර අමාත්‍යවරයා අපොහොසත් වන්නේ නම් ඔහු වහා සිය ධුරයෙන්...

ඩයනා ගමගේ සම්බන්ධයෙන් CIDයට නියෝගයක්

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේගේ පුරවැසිභාවයට අදාළ කාරණා කිහිපයක් සම්බන්ධයෙන් ආගමන හා විගමන පාලකවරයා ගෙන් සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඉදිරිපත් කරන...

එළවළු මිල පහළට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල සීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බව ගොවින් හා වෙළෙදුන් පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු තොග මිලදී...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here