10.6 C
London
Wednesday, March 22, 2023

සජිත් ප්‍රමුඛ විපක්ෂයේ පිරිස කථානායක හමුවෙයි

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සහ ඊට අදාළ මුදල් වෙන් කරගැනීම ඇතුළු විශේෂ කරුණු තුනක් මුල්කරගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් සහ නියෝජිතයින් පිරිසක් අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ කථානායකතුමාගේ කාර්යාලයේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන හමුවිය.

එහිදී විපක්ෂ නායකතුමා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ 2023 අයවැයෙන් මැතිවරණ පැවැත්වීම සදහා වෙන්කර ඇති මුදල් පලාත් පාලන මැතිවරණය පැවැත්වීමට නිදහස් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට මෙහිදී යෝජනා විය.

කතානායකවරයා ඊට සිය එකඟතාවය පළ කළේය. මැතිවරණය උදෙසා මුදල් නිදහස් නොකිරීම පිළිබඳව මුදල් අමාත්‍යාංශය ලේකම් ගෙන්වා ප්‍රශ්න කරන ලෙසත්,පවත්නා බරපතළ තත්ත්වය මහපාරට පැමිණ ඇති අතර පසුගිය දා මැතිවරණයක් ඉල්ලා විරෝධතාවයට එක්වූ ජනතා විමුක්ති පෙරමුණේ පලාත් පාලන අපේක්ෂකයෙකු මියගොස් ඇති බවත් පැවසූ විපක්ෂ නායකතුමා, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් මැතිවරණයක් ඉල්ලා දිගින් දිගටම සිදුවන විරෝධතා ඉදිරියේදී තවත් උග්‍රවිය හැකි බවද අවධාරණය කළේය.එබැවින් වහාම පාර්ලිමේන්තුව කැදවන ලෙසද විපක්ෂ නායකතුමා ඉල්ලා සිටියේය.

පාර්ලිමේන්තුවේ බලතල ප්‍රකාරව සම්මත කරගත් මුදල් බලය විධායකයේ බලයකින් යටපත් කරනවානම් පාර්ලිමේන්තුව කුමකටද කියා ප්‍රශ්න කළ විපක්ෂ නායකතුමා, මැතිවරණ කොමිසමේ පස්දෙනාම එකගවී මැතිවරණය ප්‍රකාශ කළ බවත්, ගැසට් හරහාද දින වෙන කළ බවත්,මේ සියල්ල මැද ජනාධිපතිවරයා සූදානම් වන්නේ ඒකාධිපතිත්වය උදෙසා ගමනකට බවත් පැවසීය.

පාර්ලිමේන්තුව සතු බලය හෑල්ලු කිරීමට කිසිවෙකුට අයිතියක් නැති බවත් කතානායකවරයා මේ තත්ත්වය වෙනස් කිරීමේ බලය සතු නියෝජිතයා බවත් මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.

පලාත් සභා මේවනවිට නිෂ්ක්‍රීය බවත් ජනාධිපතිවරයාගේ නියෝනියෝජිතයෙකු අතේ එහි බලය ඇති බවත් ඉදිරියේදී පළාත් පාලන ආයතනද ජනාධිපති නියෝජිතයෙකු අතට පත්වෙන බවත් ඒ හරහා මහජන නියෝජිතයින් ජනාධිපතිවරයාගේ අත අඩංගුවට ලක්වනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පැවසීය.

මේ තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට පක්ෂ නායක හමුවක් කැදවා ඇති බවත් ඉදිරි කටයුතු පිලිබදව එහිදී තීන්දු කළ හැකි බවත් කතානායකවරයා පැවසීය. අදාළ පක්ෂ නායක රැස්වීමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කැඳවන ලෙස එහිදී විපක්ෂ නායකතුමා ඉල්ලා සිටියේය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ද එකඟතාවයක් මත එම තීරණය ගත හැකි පමණ කතානායකවරයා පැවසීය. නමුත් එහිදී විපක්ෂ නායකතුමා පවසා සිටියේ පාර්ලිමේන්තුවේ සම්මත කරගත් මූල්‍ය ක්‍රියාවලිය උල්ලංඝනය වන්නේ නම් ඒ පිළිබඳව සාකච්ඡාවකට කැඳවීමේ අයිතිය කතානායකවරයා සතුව ඇති බවය.

Latest

ඉක්වදෝරයේ මාධ්‍යවේදීන්ට තැපෑලෙන් පුපුරණ පෙන් ඩ්‍රයිව්

ඉක්වදෝරයේ මාධ්‍යවේදින් ඉලක්ක කර තැපෑල හරහා පුපුරණ ද්‍රව්‍ය යැවීමේ...

රට වැටුනට පස්සේ රටේ නායකත්වය භාර ගන්න සමහරු ඇඳුනුත් මහලා – මහින්දානන්ද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය නොලැබී ආණ්ඩුව වැටුණු පසු රටෙි...

පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරෙන් සිරකරුවෙක් පැනගිහින්

හෙරොයින් මත් කුඩු සන්තකයේ තබා ගැනීමේ වරදට පසුව මාස...

විභාග කටයුතු පැවැත්වීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයෙන් තීරණයක්

වෘත්තිය ක්‍රියාමාර්ග පැවතුණද සියලුම විශ්විද්‍යාලවල විභාග කටයුතු පැවැත්වීමට විශ්වවිද්‍යාල...

Don't miss

රට වැටුනට පස්සේ රටේ නායකත්වය භාර ගන්න සමහරු ඇඳුනුත් මහලා – මහින්දානන්ද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය නොලැබී ආණ්ඩුව වැටුණු පසු රටෙි...

ණය ගැනීම ගැන ලැජ්ජා වෙන්න ඕන – විජිත හේරත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ණයක් ඉල්ලා යාමට සිදුවීම ගැන...

ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය ඩිලාන්ට

ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ...

බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය ගාමිණී ලොකුගේට

බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කරුණු වසන් කරන්නේ නැහැ – බන්දුල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබාදුන් මූල්‍ය පහසුකම...

රට වැටුනට පස්සේ රටේ නායකත්වය භාර ගන්න සමහරු ඇඳුනුත් මහලා – මහින්දානන්ද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය නොලැබී ආණ්ඩුව වැටුණු පසු රටෙි නායකත්වය බාර ගැනීම සඳහා ඇඳුම් මැසූ විපක්ෂයේ නායකයන්ගේ නම් හෙළි නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ...

ණය ගැනීම ගැන ලැජ්ජා වෙන්න ඕන – විජිත හේරත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ණයක් ඉල්ලා යාමට සිදුවීම ගැන ඇත්තටම ආඩම්බර වීමක් නොව ලැජ්ජාවට පත් විය යුතු බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී...

ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය ඩිලාන්ට

ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස ඩිලාන් පෙරේරා මහතා පත් කර තිබෙනවා. ඒ එම කාරක සභාවේ සභාව අද (21) රැස්වූ...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here