10.6 C
London
Friday, March 31, 2023

හුළං වංගුවට මාර්ග සංවර්ධන අධිකාරියෙන් පුදුම ආරක්ෂිත වැටක්

පසුගිය 19 වනදා ශ්‍රී පාද වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයක් අනතුරට පත් නෝටන්බ්‍රිජ් – දියගල ප්‍රධාන මාර්ගයේ හුළං වංගුව ස්ථානයේ තාවකාලික ආරක්‍ෂිත වැටක් ඉදි කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කර තිබෙනවා.

මාර්ගයේ ගමන් ගන්නා වාහන ප්‍රපාතයට පෙරළීම වැළැක්වීමේ අරමුණින් ඉදිකර ඇති මෙම ආරක්‍ෂිත වැට, ලී දඬු යොදාගෙන ඉදිකර තිබීම විමතියට කරුණක්. මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලය විසින් ඊයේ (27) දිනයේදී මෙම තාවකාලික ආරක්‍ෂිත දඬු වැට ඉදිකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඉකුත් (19) දින ශ්‍රී පාද වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයක් මෙම ස්ථානයෙන් ප්‍රපාතයට පෙරළී සිදු වූ අනතුරෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් 26 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් රැගත් බස් රථ සහ සෙසු වාහන නල්ලතන්නියට පිවිසීමට ඇති කෙටි මාර්ගයක් වශයෙන් නෝටන්බ්‍රිජ් – දියගල ප්‍රධාන මාර්ගය බහුලව භාවිත කරනවා. මෙම මාර්ගය කිලෝමිටර් 08ක දුරකින් කින් සමන්විත වන අතර එම මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු 2020 වසරේ ආරම්භ කර තාවකාලිකව නතර කෙරුණා.

මාර්ගයේ සංවර්ධන කටයුතු තාවකාලිකව මේ වන විට නතර කර තිබීම හේතුවෙන් එම මාර්ගයේ ස්ථාන කිහිපයකම විශාල වලවල් හෑරී මෙවැනි තවත් අනතුරු සිදුවීමේ දැඩි අවධානමක් පවතිනවා. ඒ හේතුවෙන් එම මාර්ගයේ අතර මඟ නවතා දමා ඇති සංවර්ධන කටයුතු යළි ආරම්භකර කඩිනමින් අවසන් කර දෙන ලෙසයි ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ.

Latest

චීනයේ විරෝධතා මැද තායිවාන ජනාධිපතිනිය ඇමරිකාවට

මේ දිනවක ඇමරිකාවේ සංචාරයක නිරත වී සිටින තායිවාන ජනාධිපතිනි...

වැල්ලවායේදී ලක්ෂ 40ක ගංජා පොලිස් භාරයට

වැල්ලවාය කුරුගම මහතැන්න රක්ෂිතයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ ගංජා...

රංජිත් අශෝක පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ධුරයට

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන...

අධි උද්ධමන රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව හැලෙයි

ලෝකයේ අධි උද්ධමනයක් සහිත රටවල් ලැයිස්තුවෙන් වසරකට ආසන්න කාලයකට...

Don't miss

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙයයි – ජනපති

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙය බවත්,...

දූෂණ විරෝධී පනත ගෙනාවේ IMF කියපු නිසා නෙමෙයි

දුෂණ විරෝධී පනත ගෙනාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කී නිසා...

මා ගැන පැතිරෙන කටකතා බොරු – මහින්ද රාජපක්ෂ

තමාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 02 වැනිදා පැවැත්වීමට නියමිත ජන රැලියක්...

රනිල් දෙවෙනි වෙන්නේ හුසේන් බෝල්ට්ට පමණයි – ඩයනා ගමගේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනු ලෝකය ඉදිරියේ රටක් පාලනය කරන...

රට බංකොලොත් වුණේ පැවැති රජයන්වල දූෂණ, වංචා නිසා

රට මේ තත්ත්වය දක්වා බංකොලොත් වුණේ පැවැති රජයන්වල පැවැති...

වැල්ලවායේදී ලක්ෂ 40ක ගංජා පොලිස් භාරයට

වැල්ලවාය කුරුගම මහතැන්න රක්ෂිතයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ ගංජා ජාවාරමක් අනාවරණය කර ගැනීමට වැල්ලවාය දුෂණ මර්ධන පොලිසිය සමත්වුණා. මෙහිදී අලෙවි කිරීමට සූදානම් කර තිබූ වියළි...

රංජිත් අශෝක පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ධුරයට

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ නව ලේකම් ධුරයට පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ඒ අනුව පසුගිය 21 වැනිදා...

අධි උද්ධමන රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව හැලෙයි

ලෝකයේ අධි උද්ධමනයක් සහිත රටවල් ලැයිස්තුවෙන් වසරකට ආසන්න කාලයකට පසුව ශ්‍රී ලංකාව ඉවත් කර තිබේ. ජොන් හොප්කිංස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැංකි විසින් සති දෙකකට...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here