30.6 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෝටි 23ක කොකේන් ගෙනා තරුණියක් අත්අඩංගුවට

කෝටි 23ක කොකේන් ගෙනා තරුණියක් අත්අඩංගුවට

රුපියල් කෝටි 23කට ආසන්න වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන මෙරටට පැමිණි විදේශීය තරුණියක් අද උදෑසන කටුනායක ගුවන්තොටුපළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

26 හැවිරිදි බොලීවියානු ජාතික තරුණියක වන ඇය ඇදුම්, රෙදිපිළි ආදිය කොකේන් දියරයකින් පොගවා මත්ද්‍රව්‍ය දිවයිනට ගෙනැවිත් ඇති බව රෙගු නිලධාරීන් අනාවරණය කර ගත්තා.

ඩුබායි සිට පැමිණි ඇගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී වැඩිදුරටත් අනාවරණය වී තිබෙන්නේ ඇදුම් වල තවරා තිබෙන කොකේන් ඉවත් කර ගැනීම සදහා රසායනික ද්‍රව්‍යයක් භාවිත කරන බවයි.

ඇය සතුව මත්ද්‍රව්‍ය කිලෝ 04 ක් හා ග්රැම් 600 ක් සොයා ගත් අතර එහි වටිනාකම රුපියල් කෝටි 23 ක්. මෙම මාසයේ බොලීවියානු රජය විසින් නිකුත් කර ඇති ඇයගේ පළමු ගුවන් ගමන් බලපත්‍රය හා පළමු විදේශ සංචාරය මෙය බව පවසන රේගු නිලධාරීන් ඇය මත්ද්‍රව්‍ය තොගය බ්‍රසීලයේ සිට ඩුබායි වෙත රැගෙන විත් එතැන් සිට කටුනායකට පැමිණ ඇති බව පැවසුවා.

මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කර දීම සදහා ජාවාරම්කරුවන් ඇයට පොරොන්දුවී ඇති ගාස්තු මුදල ඇමෙරිකානු ඩොලර් 500 ක්. ඇය මෙම මත්ද්‍රව්‍ය තොගය සහිත ගමන් මල්ල කටුනායක ගුවන් තොටුපළ පර්යන්තයෙන් පැමිණ පිටත පුද්ගලයෙකුට භාර දීමට නියමිතව තිබූ බවද රේගු නිලධාරීන් කල විමර්ශනයේදී අනාවරණය වුණා.

අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.