30 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍රධාන දුරකථන සමාගමක ලාංඡනය වෙනස් වෙයි ?

ප්‍රධාන දුරකථන සමාගමක ලාංඡනය වෙනස් වෙයි ?

NOKIA සමාගම වසර 60කට පමණ පසු ප්‍රථම වතාවට නව ලාංඡනයකින් සම්පූර්ණ වූ සිය සන්නාම අනන්‍යතාවය වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා.

නව ලාංඡනය NOKIA යන වචනය සෑදෙන විවිධ හැඩතල පහකින් සමන්විත වනවා.නව ලාංඡනය තුළ පැරණි ලාංඡනයේ ඇති සංකේතාත්මක නිල් වර්ණය අඩංගු කර නෑ.

වර්තමානය වන විට NOKIA සමාගම ව්‍යාපාරික තාක්‍ෂණ සමාගමක් දක්වා පරිවර්තනය වී ඇති බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Pekka Lundmark සම්මුඛ සාකච්ඡාවක දී සඳහන් කරනවා.

සඳුදා බාර්සිලෝනා හි විවෘත වන සහ මාර්තු 2 දක්වා පැවැත්වෙන වාර්ෂික ජංගම ලෝක සම්මේලනයට ආසන්නයේ සමාගම විසින් කරන ලද ව්‍යාපාරික සමුළුවට සහභාගි වෙමින් ඔහු මේ බව පවසා සිටියා.