29.5 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපුද්ගලික අංශයටත් ගුවන්යානා ඉන්ධන ආනයනයට අවසර

පුද්ගලික අංශයටත් ගුවන්යානා ඉන්ධන ආනයනයට අවසර

ගුවන්යානා සඳහා වන ජෙට් A -1 ඉන්ධන ආනයනයට පුද්ගලික අංශයටද අවසර ලබාදීමට තීරණය කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පැවසීය.

හෙතෙම මෙහි වැඩිදුරටත් පැවසුවේ පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවට ගුවන්යානා පැමිණීම විශාල ලෙස වැඩිවී තිබීම නිසා හිඟයකින් තොරව ගුවන්යානා ඉන්ධන සැපයීම ශ්‍රී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට පමණක් සිදුකළ නොහැකි බවයි.

ඒ සඳහා ශක්‍යතාව ඇති පුද්ගලික අංශයේ පාර්ශවයන්ටද වෙළඳපළට පැමිණීමට ඉඩ ප්‍රස්ථාව මෙමගින් ලබාදීමට මෙම තීරණය ගත් බව හෙතෙම පැවසීය.

කෙසේ වෙතත් මෙම පුද්ගලික ආයතනන්ට ඉන්ධන ආනයනයට අවසර ලබාදෙන්නේ සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ සියළුම ඉන්ධන ලබාගැනීමෙන් අනතුරුව බවද හෙතෙම මෙහිදි පැවසීය.