32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldඇමරිකාවේ රාජ්‍ය ආයතනවලට ටික්ටොක් තහනම් වෙයි

ඇමරිකාවේ රාජ්‍ය ආයතනවලට ටික්ටොක් තහනම් වෙයි

ඇමරිකාවේ රජයට අයත් ආයතනවල භාවිත කරන පරිගණක, දුරකතන ආදියෙන් ටික් ටොක් යෙදවුම ඉවත් කරන ලෙස ධවල මන්දිරය උපදෙස් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඉදිරි දින 30ක කාලය තුළ මේ සම්බන්ධයෙන් පියවර ගන්නා මෙන් ධවල මන්දිරය දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ නමුත් ඇමරිකාව තුළ ටික්ටොක් භාවිත කරන පෞද්ගලික පාරිභෝගිකයන් මිලියන 100කට වැඩි පිරිසකට මෙම තහංචිය අදාළ නොවේ.

මෙයට සමාන තහංචියක් ක්‍රියාත්මක කිරීමට මෙයට පෙර කැනඩාව සහ යුරෝපා සංගමයද පියවර ගත් අතර ටික්ටොක් යෙදවුම ඇමරිකාවේ සියලුම උපාංගවලින් ඉවත් කරනවාද යන්න සම්බන්ධයෙන්ද ඉදිරියේ දී තීරණයක් ගැනීමට නියමිතය.