― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්

ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්

පෞද්ගලික ආරක්ෂක නියෝජිත ආයතන ලියාපදිංචිය සහ අළුත් කිරීමේ දී අය කෙරෙන ගාස්තු ඉහළ නංවමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනුයි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ. මෙම ගැසට් නිවේදනයට අනුව ආරක්ෂක ආයතනයක් පළමු වරට ලියාපදිංචි කිරිමේ දී මෙතෙක් පැවැති රුපියල් 15,000ක ගාස්තුව රුපියල් 35,000කින් ඉහළ නංවා තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ එහි නව ගාස්තුව රුපියල් 50,000ක් බවයි. මීට අමතරව ලියාපදිංචිය අළුත් කිරිමේ ගාස්තුව ද රුපියල් 10,000 සිට 25,000 දක්වා රුපියල් 15,000කින් ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

පෞද්ගලික ආරක්ෂක ආයතනයකට අදාළ බලපත්‍රය කල්ඉකුත් වී පළමු මාසය තුළ ප්‍රමාද ගාස්තුව රුපියල් 10,000ක් ලෙසත් බලපත්‍රය කල් ඉකුත් වී දින 31ත් 90ත් තුළ ප්‍රමාද ගාස්තුව රුපියල් 25,000ක් ලෙසත් ඉහළ නැංවීමටයි පියවර ගෙන ඇත්තේ.

දින 90න් පසු ප්‍රමාද ගාස්තුව රුපියල් 35,000ක් ලෙසත් සංශෝධනය කර තිබෙනවා. මෙම සංශෝධන පසුගිය පෙබරවාරි මස 20 වන දින සිට ක්‍රියාත්මක විය යුතු බවද එම ගැසට් නිවේදනයේ සදහන්.