25 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබදු ගෙවීම පැහැරහරින අයට වැඩ වරදින ලකුණු

බදු ගෙවීම පැහැරහරින අයට වැඩ වරදින ලකුණු

ආදායම් නොපෙන්වා බදු ගෙවීම පැහැර හැර ඇති පිරිස් පිළිබඳව සොයා බැලීමට කඩිනම් ක්‍රමවේදයක් සකස් කරන්නැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දී තිබෙනවා.

රාජ්‍ය ආදායම පිළිබඳ දැඩි අවධානයක් යොමුව ඇති වර්තමානයේ දී බදු පැනවීම මගින් ආදායම් රැස් කිරීම හා සමානව බදු පැහැර හරින පිරිස් හඳුනා ගැනීමටද අවධානය යොමු කළ යුතු බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් සමග අද (01) මුදල් අමාත්‍යාංශයේ දී පැවැති හමුවකදී ඇමතිවරයා පැවසුවේ.