10.2 C
London
Friday, March 31, 2023

ලංගම සේවකයින්ට ප්‍රමාදයකින් තොරව පෙබරවාරියේ වැටුප

ශ්‍රී ලංකා ගමනාගමන මණඩලයේ සේවකයින්ට පෙබරවාරි මස වැටුප මීට ඉහත මාසවල ගෙවීම් කළ ආකාරයටම ප්‍රමාදයකින් තොරව ගෙවීමට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී එකඟත්වය පළ වී තිබෙනවා.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීයි මෙම එකඟත්වය පළ වූයේ.

පසුගිය කාල වකවානුවලදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය දේශපාලනීකරණයවීමේ ගැටලුවට මුහුණ දුන් බවත් එම නිසා සේවකයින් බඳවා ගැනීමේදී නිසි ක්‍රමවේදයන් අනුගමනය නොකිරීම හේතුවෙන් මතුව ඇති ගැටලු විසඳීමට පියවර ගෙන ඇති බවයි මෙහිදී අමාත්‍යවරයා විසින් සඳහන් කර ඇත්තේ.

ඒ අනුව සේවක වැටුප් සම්බන්ධ ගැටලු විසඳීම සඳහා ජාතික වැටුප් හා සේවක කොමිෂන් සභාව සමඟ තවදුරටත් සාකච්ඡා කරමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අකර්මන්‍ය තත්වයට පත්ව ඇති බස් රථ 400ක් ඇතුළුව බස්රථ 1800කට අධික ප්‍රමාණයක් මේ වසරේ ධාවනයට එක් කිරීමට අපේක්ෂා කරන බවද මෙහිදී සඳහන් කෙරුණා.

අවශ්‍ය රියදුරන් සහ කොන්දොස්තරවරුන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා කාරක සභාවට දැනුම් දී තිබෙනවා. ඉන්දීය රජයේ ණය යෝජනා ක්‍රමය යටතේ කුඩා බස්රථ 500ක් හිමිවීමට නියමිත අතර තවත් විශාල බස්රථ 100ක් ලබන වසරේදී ලබාදීමට කටයුතු කරන බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන නොමැතිකම හේතුවෙන් විවිධ මාර්ග සංවර්ධන කටයුතු අත්හිටුවීමට සිදුව ඇති බවද මෙහිදී සාකච්ඡා කෙරුණා. විදේශ ණය වැඩසටහන් යටතේ ආරම්භ කර ඇති සංවර්ධන ව්‍යාපෘති සඳහා සියලු ණය අත්හිටුවා ඇති බවත් ‍රටේ වත්මන් අර්බුදය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවකට පැමිණියහොත් අත්හිටුවා ඇති වෙනත් ණය ආධාර ලබාගත හැකි බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කලේ.

මෝටර් වාහන පනත යටතේ 2022 ඔක්තෝබර් 10 දිනැති අංක 2031/17 දරන ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද රෙගුලාසි සහ 2022 නොවැම්බර් 14 දිනැති අංක 2036/02 දරන ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද රෙගුලාසි සඳහා ද කාරක සභාවේ එකඟත්වය මෙහිදි හිමි වුණා.

Latest

රත්‍රං යළි ගණන් උස්සයි

මෙරට රන් මිල අද (31) දිනයේදී යළිත් වරක් ඉහළ...

ඩයනාගේ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කරන්න කල් දෙයි

සමගි ජන බලවේගයේ සභාපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස සහ මහලේකම්වරයා...

එළවළු මිල පහළට

ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු මිල ගණන් මේ වනවිට ඉතා...

චීනයේ විරෝධතා මැද තායිවාන ජනාධිපතිනිය ඇමරිකාවට

මේ දිනවක ඇමරිකාවේ සංචාරයක නිරත වී සිටින තායිවාන ජනාධිපතිනි...

Don't miss

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙයයි – ජනපති

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙය බවත්,...

දූෂණ විරෝධී පනත ගෙනාවේ IMF කියපු නිසා නෙමෙයි

දුෂණ විරෝධී පනත ගෙනාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කී නිසා...

මා ගැන පැතිරෙන කටකතා බොරු – මහින්ද රාජපක්ෂ

තමාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 02 වැනිදා පැවැත්වීමට නියමිත ජන රැලියක්...

රනිල් දෙවෙනි වෙන්නේ හුසේන් බෝල්ට්ට පමණයි – ඩයනා ගමගේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනු ලෝකය ඉදිරියේ රටක් පාලනය කරන...

රට බංකොලොත් වුණේ පැවැති රජයන්වල දූෂණ, වංචා නිසා

රට මේ තත්ත්වය දක්වා බංකොලොත් වුණේ පැවැති රජයන්වල පැවැති...

ඩයනාගේ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කරන්න කල් දෙයි

සමගි ජන බලවේගයේ සභාපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස සහ මහලේකම්වරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරු කටයුතු කිරීම වැළැක්වීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා...

එළවළු මිල පහළට

ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු මිල ගණන් මේ වනවිට ඉතා අඩු මට්ටමක පවතින බව අප වාර්තාකරුවන් පවසනවා. ඒ අනුව පෑලියගොඩ මැනිං වෙළඳපොලේ ඊයේ (30) කැරට් කිලෝවක්...

වැල්ලවායේදී ලක්ෂ 40ක ගංජා පොලිස් භාරයට

වැල්ලවාය කුරුගම මහතැන්න රක්ෂිතයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ ගංජා ජාවාරමක් අනාවරණය කර ගැනීමට වැල්ලවාය දුෂණ මර්ධන පොලිසිය සමත්වුණා. මෙහිදී අලෙවි කිරීමට සූදානම් කර තිබූ වියළි...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here