13.3 C
London
Wednesday, March 22, 2023

සුදු වෑන් නඩුවේ සැකකරුවෙකුට වරෙන්තු

පසුගිය ජනාධිපතිවරණ සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවකු වශයෙන් නම් කර සිටින එම මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ සකලවල්ලි ආරච්චිගේ සරත් කුමාර නමැත්තා අද දින සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණය අද වරෙන්තු නිකුත් කළා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත ඉදිරියේයි විභාගයට ගනු ලැබුවේ. එම අවස්ථාවේ දී සකල වන්නිආරච්චිගේ සරත් කුමාර නමැති සාක්ෂිකරු අධිකරණය හමුවේ පෙනී නොසිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා මහාධිකරණ විනිසුරුවරයා විසින් වරෙන්තු නිකුත් කළා. අනතුරුව ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස්ගේ මෙහෙයවීම යටතේ අදාළ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූ තවත් පුද්ගලයෙකු වන අතුල සංජීව මදනායක නමැත්තා සාක්ෂි ලබා දුන්නා.

මෙහිදී සාක්ෂිකරු කියා සිටියේ අදාළ මාධ්‍ය සාකච්ඡාවේදී තමන් විසින් ප්‍රකාශ කළ කරුණු සම්බන්ධයෙන් තමන්ට හොඳ මතකයක් පවතින බවයි. එම මාධ්‍ය සාකච්ඡාවේදී තමා ප්‍රකාශ කළේ තම ජීවිතයේදී අත්විඳින්නට සිදුවූ සත්‍ය සිදුවීම් බවත් ඔහු කියාසිටියා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගත් බවත් ඉන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බලපෑම මත තමන් විසින් මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ විත්තිකාර රාජිත සේනාරත්න සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදුකළ බවත් සාක්ෂිකරු කියා සිටියා. රන් භාණ්ඩ කොල්ලකෑම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව මහාධිකරණය හමුවේ නඩුවක් විභාග වෙමින් පවතින බවත් සාක්ෂිකරු පිළිගත්තා.

මෙම අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු හරස් ප්‍රශ්න විමසීමක් සිදු කළේ නැහැ. අනතුරුව වැඩිදුර නඩු විභාගය ජුනි මස 08 වනදාට කල් තැබුණා. 2019 වසරේ නොවැම්බර් මස 10 වනදා කොළඹ පැවති අදාළ මාධ්‍ය සාකච්ඡාව හරහා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ට අගතියක් සිදු කිරීමේ අරමුණින් බොරු සාක්ෂි නිර්මාණය කිරීම, ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට බලපෑමක් ඇතිවිය හැකි ආකාරයේ දූෂිත ක්‍රියාවක් සිදු කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව මෙම නඩුව කර තිබෙනවා.

Latest

ඉක්වදෝරයේ මාධ්‍යවේදීන්ට තැපෑලෙන් පුපුරණ පෙන් ඩ්‍රයිව්

ඉක්වදෝරයේ මාධ්‍යවේදින් ඉලක්ක කර තැපෑල හරහා පුපුරණ ද්‍රව්‍ය යැවීමේ...

රට වැටුනට පස්සේ රටේ නායකත්වය භාර ගන්න සමහරු ඇඳුනුත් මහලා – මහින්දානන්ද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය නොලැබී ආණ්ඩුව වැටුණු පසු රටෙි...

පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරෙන් සිරකරුවෙක් පැනගිහින්

හෙරොයින් මත් කුඩු සන්තකයේ තබා ගැනීමේ වරදට පසුව මාස...

විභාග කටයුතු පැවැත්වීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයෙන් තීරණයක්

වෘත්තිය ක්‍රියාමාර්ග පැවතුණද සියලුම විශ්විද්‍යාලවල විභාග කටයුතු පැවැත්වීමට විශ්වවිද්‍යාල...

Don't miss

රට වැටුනට පස්සේ රටේ නායකත්වය භාර ගන්න සමහරු ඇඳුනුත් මහලා – මහින්දානන්ද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය නොලැබී ආණ්ඩුව වැටුණු පසු රටෙි...

ණය ගැනීම ගැන ලැජ්ජා වෙන්න ඕන – විජිත හේරත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ණයක් ඉල්ලා යාමට සිදුවීම ගැන...

ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය ඩිලාන්ට

ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ...

බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය ගාමිණී ලොකුගේට

බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කරුණු වසන් කරන්නේ නැහැ – බන්දුල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබාදුන් මූල්‍ය පහසුකම...

මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවීමට අදාළ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම හා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශ නීතිපතිවරයා වෙත යොමු කිරීම...

අග්‍රාමාත්‍යවරයා උමාඔය ජල විදුලි ව්‍යාපෘතියේ ප්‍රගතිය නිරීක්ෂණය කරයි

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් එක් කරමින් දිස්ත්‍රික්ක කිහිපයක පුරන් ඉඩම්වලට ජලය සපයන උමාඔය ජල විදුලි ව්‍යාපෘතියේ ප්‍රගතිය 2023.03.18 දින අග්‍රාමාත්‍ය දිනේෂ්...

ඇල්ලවල ඇල්ලේ අතුරුදන් වූ එක් තරුණයකුගේ සිරුර හමුවෙයි

වැල්ලවාය – ඇල්ලවල ඇල්ලේ දිය නෑමට ගොස් අතුරුදන් වූ තරුණයින් හතරදෙනාගෙන් එක් අයෙකුගේ සිරුර හමුවී තිබනෙවා. අද (21) උදෑසන මෙම අල්ලේ දියනෑමට ගිය තරුණයින් 10...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here