― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeWorldඅවුරුදු 18ට අඩුයි නම් Tiktok පැයකට සීමා වෙයි

අවුරුදු 18ට අඩුයි නම් Tiktok පැයකට සීමා වෙයි

අවුරුදු 18 ට අඩු පරිශීලකයින් සඳහා Tiktok යෙදවුමේ දෛනික භාවිතය පැයකට සීමා කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

Tiktok සමාගම පවසන්නේ වයස අවුරුදු 18 ට අඩු පරිශීලකයින් දෛනිකව විශාල කාලයක් Tiktok වෙත ඇබ්බැහි වීම සීමා කිරීම අරමුණු කර ගනිමින් ස්වයංක්‍රියව ක්‍රියාත්මක වන පරිදි එම සේවාව මිනිත්තු 60 කට සිමා කරන බවයි.

මෙම සීමාව තෝරාගැනීමේදී අපි වත්මන් අධ්‍යයන පර්යේෂණ සහ බොස්ටන් ළමා රෝහලේ ඩිජිටල් සුවතා විද්‍යාගාරයේ ප්‍රවීණයන්ගෙන් උපදෙස් ලබා ගත්තෙමු. යනුවෙන් Tiktok සමාගම මේ සම්බන්දයෙන් වන ස්ථාවරය පැහැදිළි කරනවා.

මෙම කාලය ඉක්මවා යන අවස්ථාවකදී මිනිත්තු 30ක අමතර නැරඹුම් කාලයක් බල ගැන්වීමට දෙමාපියන්ට හෝ භාරකරුවෙකුට මුර කේතයක් හඳුන්වාදීමටත් එම සමාගම බලාපොරොත්තු වනවා.

අමෙරිකා එක්සත් ජනපදය හා එක්සත් රාජධානියේ වයස අවුරුදු 14 ත් 24 දක්වා වූ ළමුන් අතර Tiktok දැඩි ලෙස ඇබ්බැහිවීමක් පවතින බව පර්යේෂකයින් අනාවරණය කර ගෙන තිබෙනවා.