22 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldඇමරිකානු ජනපති සටනට ඉන්දියානුවෙක්

ඇමරිකානු ජනපති සටනට ඉන්දියානුවෙක්

ලබන වසරේ පැවැත්වෙන ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණ සටනට ඉන්දියානු සම්භවයක් සහිත ව්‍යවසායකයෙකු ඉදිරිපත් වී සිටිනවා.

රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් මැතිවරණ සටනට පිවිසෙන්නේ කෝටිපති ව්‍යවසායකයෙකු සහ පොතේ කතුවරයා වන විවේක් රාමස්වාමි.

විවේක්, ඇමරිකාවේ ඔහියෝ හි උපත ලද අතර හාවඩ් සහ යේල් හි අධ්‍යාපනය ලබා ජෛව තාක්‍ෂණ ව්‍යවසායකයෙකු ලෙස මිලියන ගණනක් ඉපැයූ ව්‍යවසායකයෙකු බවට පත්වුණා.

‘අනන්‍යතා දේශපාලනය එක්සත් ජනපදයේ මුල් බැසගෙන ඇති අතර එය එක්සත් වීමේ ප්‍රවණතාවයකට වඩා බෙදීමේ ප්‍රවණතාවයකින් පැමිණ ඇති බව පවසන විවේක් රාමස්වාමි අපට පොදුවේ ඇති දේ මත අපි ගොඩනැගිය යුතුය’ යනුවෙන් පවසයි.

ඔහු රිපබ්ලිකන් පක්ෂයෙන් ඇමරිකා ජනාධිපතිවරණයට පිවිසි දෙවන ඉන්දියානු, ඇමරිකානුවා වනවා.