ලංකා සීනි සමාගමට අයත් සෙවනගල සහ පැල්වත්ත කර්මාන්තශාලා 2022 වර්ෂයේ ඉපැයූ ලාභයෙන් රුපියල් මිලියන 350 මහා භාණ්ඩාගාරයට පිරිනැමීමට පියවරගෙන ඇත.
වැවිලි කර්මාන්ත ඇමති රමේෂ් පතිරණ, රාජ්ය ඇමති ලොහාන් රත්වත්තේ යන මහත්වරුන් විසින් ඒ සඳහා වූ චෙක්පත ඉකුත් (01) වෙනිදා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී පිරිනැමුවා.