Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

නෙදර්ලන්තය පැරදූ එංගලන්තයට ලකුණු 160ක ජයක්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන ජයග්‍රහණය ලබා ගැනීමට පසුගිය වර ලෝක ශූරයන් වූ එංගලන්ත කණ්ඩායමට අද හැකියාව ලැබුණා. ඒ නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 160කින් පරාජයට...
Homehot newsකැනඩාවේ රැකියා සහ වීසා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් දෙදෙනෙකු...

කැනඩාවේ රැකියා සහ වීසා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් දෙදෙනෙකු රිමාන්ඩ්

කැනඩාවේ රැකියා සහ වීසා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් දෙදෙනෙකු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබාදී ඇත්තේ.

සැකකරුවන් රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 20 දක්වා ප්‍රමාණයන්ගෙන් මුදල් ලබාගෙන ජනතාව මුලා කර ඇති අතර ඔහු මරදාන පොලිසිය අත්අඩංගුවට ගෙන විදේශ සේවා නියුක්ති කාර්යංශයට අද (2) භාරදී තිබුණා.

එම සැකකරුගේ වංචාවට හසුවූ පුද්ගලයන් 25 දෙනෙකුගෙන් ලැබුණු පැමිණිලි අනුව අත්අඩංගුවට ගෙන ඇති බවයි එම කාර්යංශය සඳහන් කළේ. සැකකරුට විරුද්ධව මේ වන විට පැමිණිලි 53ක් ලැබී ඇති බව සඳහන්.

කැනඩා රැකියා ජාවාරම සඳහා ඔහුට ආධාර හා අනුබල දුන් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සේවය කරන රජයේ නිලධාරියෙක් ද කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් දෙදෙනාම කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ.