31.7 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකැනඩාවේ රැකියා සහ වීසා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් දෙදෙනෙකු...

කැනඩාවේ රැකියා සහ වීසා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් දෙදෙනෙකු රිමාන්ඩ්

කැනඩාවේ රැකියා සහ වීසා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් දෙදෙනෙකු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබාදී ඇත්තේ.

සැකකරුවන් රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 20 දක්වා ප්‍රමාණයන්ගෙන් මුදල් ලබාගෙන ජනතාව මුලා කර ඇති අතර ඔහු මරදාන පොලිසිය අත්අඩංගුවට ගෙන විදේශ සේවා නියුක්ති කාර්යංශයට අද (2) භාරදී තිබුණා.

එම සැකකරුගේ වංචාවට හසුවූ පුද්ගලයන් 25 දෙනෙකුගෙන් ලැබුණු පැමිණිලි අනුව අත්අඩංගුවට ගෙන ඇති බවයි එම කාර්යංශය සඳහන් කළේ. සැකකරුට විරුද්ධව මේ වන විට පැමිණිලි 53ක් ලැබී ඇති බව සඳහන්.

කැනඩා රැකියා ජාවාරම සඳහා ඔහුට ආධාර හා අනුබල දුන් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සේවය කරන රජයේ නිලධාරියෙක් ද කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් දෙදෙනාම කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ.