10.6 C
London
Wednesday, March 22, 2023

ඩයනාගේ විදේශ ගමන් බලපත්‍රයට අදාළ ලිපි ලේඛන අතුරුදන්

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේගේ විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ ලිපි ලේඛන අස්ථානගත වී ඇතැයි වාර්තා වීම සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

ඩයනා ගමගේ ආගමන විගමන දෙපාර්තමේන්තුවට ලබාදී ඇති උප්පැන්න සහතිකයේ මුල් පිටපත නොමැති විට එම ලේඛනවල ස්කෑන් පිටපතක් භාවිත කර පරීක්ෂණ පැවැත්විය හැකි බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊයේ නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සහකාර පොලිස් අධිකාරීවරයා අධිකරණයට දන්වා සිටියේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ මන්ත්‍රීවරයාගේ වාර්තාව ලැබෙන තුරු මෙම නඩුවට කරුණු ඉදිරිපත් කළ නොහැකි බවයි.

මෙම නඩුවේ මෙතෙක් සටහන් කරගෙන ඇති සියලුම ප්‍රකාශවල පිටපත් මීළඟට කැඳවන දිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද විනිසුරුවරයා රහස් පොලිසියට නියෝග කළේය.

විත්තිකරුගේ විදේශ ගමන් බලපත්‍රය මෙතෙක් තම දෙපාර්තමේන්තුවට භාරදී නොමැති බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නියෝග ගන්නා බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

මෙම නඩුවට මැදිහත් වන ලෙස නීතිපතිවරයාට ලිඛිත නොතීසියක් නිකුත් කරන බව විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

වැඩිදුර විභාගය මාර්තු 23 වැනිදාට කල් තැබීමට විනිසුරුවරයා නියෝග කළේය.

Latest

ඉක්වදෝරයේ මාධ්‍යවේදීන්ට තැපෑලෙන් පුපුරණ පෙන් ඩ්‍රයිව්

ඉක්වදෝරයේ මාධ්‍යවේදින් ඉලක්ක කර තැපෑල හරහා පුපුරණ ද්‍රව්‍ය යැවීමේ...

රට වැටුනට පස්සේ රටේ නායකත්වය භාර ගන්න සමහරු ඇඳුනුත් මහලා – මහින්දානන්ද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය නොලැබී ආණ්ඩුව වැටුණු පසු රටෙි...

පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරෙන් සිරකරුවෙක් පැනගිහින්

හෙරොයින් මත් කුඩු සන්තකයේ තබා ගැනීමේ වරදට පසුව මාස...

විභාග කටයුතු පැවැත්වීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයෙන් තීරණයක්

වෘත්තිය ක්‍රියාමාර්ග පැවතුණද සියලුම විශ්විද්‍යාලවල විභාග කටයුතු පැවැත්වීමට විශ්වවිද්‍යාල...

Don't miss

රට වැටුනට පස්සේ රටේ නායකත්වය භාර ගන්න සමහරු ඇඳුනුත් මහලා – මහින්දානන්ද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය නොලැබී ආණ්ඩුව වැටුණු පසු රටෙි...

ණය ගැනීම ගැන ලැජ්ජා වෙන්න ඕන – විජිත හේරත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ණයක් ඉල්ලා යාමට සිදුවීම ගැන...

ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය ඩිලාන්ට

ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ...

බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය ගාමිණී ලොකුගේට

බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කරුණු වසන් කරන්නේ නැහැ – බන්දුල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබාදුන් මූල්‍ය පහසුකම...

මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවීමට අදාළ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම හා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශ නීතිපතිවරයා වෙත යොමු කිරීම...

අග්‍රාමාත්‍යවරයා උමාඔය ජල විදුලි ව්‍යාපෘතියේ ප්‍රගතිය නිරීක්ෂණය කරයි

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් එක් කරමින් දිස්ත්‍රික්ක කිහිපයක පුරන් ඉඩම්වලට ජලය සපයන උමාඔය ජල විදුලි ව්‍යාපෘතියේ ප්‍රගතිය 2023.03.18 දින අග්‍රාමාත්‍ය දිනේෂ්...

ඇල්ලවල ඇල්ලේ අතුරුදන් වූ එක් තරුණයකුගේ සිරුර හමුවෙයි

වැල්ලවාය – ඇල්ලවල ඇල්ලේ දිය නෑමට ගොස් අතුරුදන් වූ තරුණයින් හතරදෙනාගෙන් එක් අයෙකුගේ සිරුර හමුවී තිබනෙවා. අද (21) උදෑසන මෙම අල්ලේ දියනෑමට ගිය තරුණයින් 10...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here