10.6 C
London
Wednesday, March 22, 2023

බහු කාර්ය සංවර්ධනය සහායක සහයිකාවන් 2,400ක් දුම්රිය සේවයට

බහු කාර්ය සංවර්ධනය සහායක/ සහයිකාවන් 2,400ක් දුම්රිය කාර්ය සහයක තනතුර සඳහා අන්තර් ග්‍රහණය කර ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (03) අරලියගහ මන්දිර පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව දුම්රිය කාර්ය සහායක තනතුර සඳහා බඳවා ගත් බහුකාර්ය කාර්ය සාධක බලකායේ සුදුසුකම් ලත් නිලධාරින් මෙසේ නව සේවයට එක් කර තිබේ.

රැකියාව තුළ කුමන වෘත්තීය ගැටලු මතු වුවත් සාකච්ඡාවෙන්, සම්මුතියෙන්, ශිෂ්ඨ සම්පන්න ලෙස එම ගැටලු විසඳා ගැනීමට කටයුතු කළ යුතු බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී සඳහන් කළේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.

“යටත් විජිත යුගයේ ඇරඹුණු මෙරට දුම්රිය සේවයේ මානව සම්පත ඉටු කරන්නේ ඉතාමත් වැදගත් මෙහෙවරක්‌. දුම්රිය කාර්ය සහායක ශ්‍රේණියේ නිලධාරීන් හටත් එහි විශාල වගකීමක් පැවරෙනවා.

රට තුළ පවතින තත්වය තුල රාජ්‍ය සේවය උදෙසා අලුතින් බඳවා ගැනීම් නවතා තිබෙන මොහොතක උවත්, දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින මානව සම්පත් හිඟය පිළිබඳ කැබිනට් මණ්ඩලය දැනුවත් කර රජයේ බහුකාර්ය සංවර්ධන බලකායේ පුහුණුව ලැබූ පිරිසකට ස්ථිර පත්වීම් ලබා දී දුම්රිය සේවයට එක්කර ගැනීමට ලැබීම අප ලැබූ ජයග්‍රහණයක්‌. සුවිශාල ජාතික සේවයක වගකීමට උරදෙන දුම්රිය සේවයට එක් වීමට ලැබීම ඔබ ලැබූ භාග්‍යයක්. අලුත් අපේක්ෂාවක්, බලාපොරොත්තුවක් සහිතව රටට සේවය කිරීමට අවස්ථාවක්‌ මෙන්ම කැපවීම, උනන්දුව හා උත්සාහය මත උසස්වීම් සහිත ස්ථාවරත්වයට ළඟා වීමේ අවස්ථාවද ඔබ‍ට හිමි වනවා”

Latest

ඉක්වදෝරයේ මාධ්‍යවේදීන්ට තැපෑලෙන් පුපුරණ පෙන් ඩ්‍රයිව්

ඉක්වදෝරයේ මාධ්‍යවේදින් ඉලක්ක කර තැපෑල හරහා පුපුරණ ද්‍රව්‍ය යැවීමේ...

රට වැටුනට පස්සේ රටේ නායකත්වය භාර ගන්න සමහරු ඇඳුනුත් මහලා – මහින්දානන්ද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය නොලැබී ආණ්ඩුව වැටුණු පසු රටෙි...

පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරෙන් සිරකරුවෙක් පැනගිහින්

හෙරොයින් මත් කුඩු සන්තකයේ තබා ගැනීමේ වරදට පසුව මාස...

විභාග කටයුතු පැවැත්වීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයෙන් තීරණයක්

වෘත්තිය ක්‍රියාමාර්ග පැවතුණද සියලුම විශ්විද්‍යාලවල විභාග කටයුතු පැවැත්වීමට විශ්වවිද්‍යාල...

Don't miss

රට වැටුනට පස්සේ රටේ නායකත්වය භාර ගන්න සමහරු ඇඳුනුත් මහලා – මහින්දානන්ද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය නොලැබී ආණ්ඩුව වැටුණු පසු රටෙි...

ණය ගැනීම ගැන ලැජ්ජා වෙන්න ඕන – විජිත හේරත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ණයක් ඉල්ලා යාමට සිදුවීම ගැන...

ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය ඩිලාන්ට

ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ...

බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය ගාමිණී ලොකුගේට

බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කරුණු වසන් කරන්නේ නැහැ – බන්දුල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබාදුන් මූල්‍ය පහසුකම...

මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවීමට අදාළ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම හා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශ නීතිපතිවරයා වෙත යොමු කිරීම...

අග්‍රාමාත්‍යවරයා උමාඔය ජල විදුලි ව්‍යාපෘතියේ ප්‍රගතිය නිරීක්ෂණය කරයි

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් එක් කරමින් දිස්ත්‍රික්ක කිහිපයක පුරන් ඉඩම්වලට ජලය සපයන උමාඔය ජල විදුලි ව්‍යාපෘතියේ ප්‍රගතිය 2023.03.18 දින අග්‍රාමාත්‍ය දිනේෂ්...

ඇල්ලවල ඇල්ලේ අතුරුදන් වූ එක් තරුණයකුගේ සිරුර හමුවෙයි

වැල්ලවාය – ඇල්ලවල ඇල්ලේ දිය නෑමට ගොස් අතුරුදන් වූ තරුණයින් හතරදෙනාගෙන් එක් අයෙකුගේ සිරුර හමුවී තිබනෙවා. අද (21) උදෑසන මෙම අල්ලේ දියනෑමට ගිය තරුණයින් 10...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here