― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඉන්ධන අලෙවියෙන් රජය ලාභ ලබයි

ඉන්ධන අලෙවියෙන් රජය ලාභ ලබයි

ඉන්ධන නිෂ්පාදන පිරිවැය සහ එහි විකුණුම් ලාභය බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් නිකුත් කර තිබේ.

මේ අනුව පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් හරහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩි ලාභයක් ලබන බව අනාවරණය වී තිබේ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 110.35ක ලාභයක් ලබන අතර ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 26.38ක ලාභයක් ලබයි.

ඔටෝ ඩීසල් හරහා රුපියල් 4.73 ක ලාභයක් සහ සුපර් ඩීසල් හරහා රුපියල් 12.90 ක ලාභයක් ලැබේ. භූමිතෙල් මිල අඩු කළද ඒ හරහා රුපියල් 3.63ක ලාභයක් ලබා ඇති බව වාර්තා වේ.